AKD – 2024-OCTOBER

< September 2024

වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව දින 7 ක් ඇතුළත ප්‍රසිද්ධ නොකලහොත් එම වාර්තාව ලබන 21 වනදා පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී උදෑසන 10 ට තමා ප්‍රසිද්ධියට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. 

ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් පල වු වාර්තාව කිසිදු පිටුවක අඩුවක් නොමැති බව ඔහු කියා සිටියා.

එසේම එම වාර්තාව සම්පුර්ණයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙන්ම පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබෙන බව ඔහු පවසා සිටියා.

තව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලය කිසිදු ආකාරයෙන් මෙම වාර්තා එලියට දැමිම සිදු නොකල ද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කාර්ය මණ්ඩලය මෙම වාර්තාව එලියට පිට කර ඇති බව ඔහු කියා සිටියා.

ඔක්තෝම්බර් 10 වනදා තමාට මෙම වාර්තා ලැබුණු බවත් තමා මෙය ලබා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා බව ඔහු පවසා සිටියා.

මෙම වාර්තාවේ සමස්ත වාර්තාව මෙන්ම එහි සෑබෑ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන බව ඔහු අවධාරණය කර සිටියා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙහි ඇත්ත දැනගැනීමට අයිතියක් තිබිය යුතු බවත් එහි අයිතිය ලබා දෙන ලෙස උදය ගම්මන්පිල කියා සිටියා.

ඔක්තෝබර් 16

ඔක්තෝබර් 15

විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටළු හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති , කෝෂල වික්‍රමසිංහ විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම වැඩසටහනට “සභාපතිට කියන්න ” ලෙස නම් කර ඇති අතර එය ජනගත කිරීම ඊයේ (15 ) කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කර තිබෙනවා.

මෙම වැඩසටහන තුළින් විගමනික ශ්‍රමික ප්‍රජාවගේ ගැටළු ඉදිරිපත් කිරිමට පොදු ස්ථානයක් නිර්මාණය කර තිබෙනවා.

සියලුම වර්ගයේ, චෝදනා, විවේචන, දුක් ගැනවිලි සටහන් කරගැනීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ” සභාපතිට කියන්න ” යනුවෙන් නව කවුළුවක් විවෘත කර තිබෙනවා.

රටේ ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එහිදී හැකියාව ලැබෙනවා.

විවිධ මාර්ග කිහිපයක් ඔස්සේ අපට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඇතැම් විට බාහිර පුද්ගලයින්ගෙන් සිදු වන අසාධාරණකම් වෙන්න පුළුවන් නැත්නම් රජයේ නිලධාරීන්ගෙන් වෙන්න පුළුවන් කුමන හෝ ආකාරයෙන් අසාධාරණකමක් වුවත් ඊට විසඳුම් ලබා දෙන්න තරාතිරම් නොබලා කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති , කෝෂල වික්‍රමසිංහ මෙහිදී කියා සිටියා.

” සභාපතිට කියන්න – Talk to Chairman ” නම් මෙම වැඩසටහන මගින් අදාළ ගැටළු සභාපතිවරයා වෙත යොමු කරන අතර, ඒ සඳහා සිය පෞද්ගලික අවධානය එම ගැටළු වෙත යොමු කරමින් ඊට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලබනවා.

ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක් ද කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කර තිබෙනවා.

මීට අමතරව, පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇති අතර, ඊට යොමු කරන පැමිණිලි සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු කෙරේ. පැමිණිලිකරුවාගේ පෞද්ගලික රහස්‍යභාවය සුරැකීමට ද පියවර ගෙන තිබෙනවා.

තවද, 0112 864188 දුරකථන අංක ඔස්සේ ද පැමිණි බාරගනු ලබන අතර, 0717 593 593 යන Whatsasp අංකය ඔස්සේ හා [email protected] යන ඊමේල් ලිපිනය ඔස්සේ ද පැමිණි යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

විගමනික ප්‍රජාවගේ ගැටළු විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හා කාර්යාංශය මගින් වඩාත් හිතකර හා සුහදශීලි සේවාවක් ජනතාවට ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, සාම්ප්‍රදාය අභිබවා නව වෙනසක් ලෙසින් කාර්යාංශය ජනතාවට සමීප කිරීම මෙමගින් බලාපොරොත්තු වනවා.

ඔක්තෝබර් 15

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පැළඳවීම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා විසින් කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පළඳවා තිබෙනවා.

කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම දෘශ්‍යාබාධිත සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්ගේ සුභසාධනය ඇතුළු පහසුකම් සැලසීමට යොදවන බව සුගත් වසන්ත පවසනවා.

ඔක්තෝබර් 15

As a measure of support and solidarity with the people affected by Typhoon Yagi in Myanmar, Foreign Minister Vijitha Herath handed over to the Ambassador of Myanmar in Colombo Marlar Than Htaik a token of a consignment of 227 kgs of Ceylon Tea at a ceremony held at the Ministry of Foreign Affairs on Monday (14).

Ambassador Htaik expressed sincere appreciation of the Government of Myanmar for the gesture of goodwill of the tea donation by the Government and People of Sri Lanka at this challenging time.The Minister of Foreign Affairs observed that the two countries shared an enduring friendship based on Theravada Buddhist ties and strong people to people linkages which is a testament to the strength of the relationship.

Foreign Minister Vijitha Herath conveyed Sri Lanka’s continuing concern with regard to the remaining 40 Sri Lankan nationals trapped in Cybercrime Centres in Myawaddy area in Myanmar and explained the humanitarian hardship the individuals were facing. Minister Herath sought the assistance of the Myanmar authorities to secure their early release.  The Ambassador shared the challenges the Myanmar authorities faced and  agreed to convey Sri Lanka’s appeal and to stay engaged.

Senior officials of the Ministry of Foreign Affairs and officials of the Embassy of Myanmar in Colombo were also present at the ceremony.

October 15

බය නැතුව හෘද සාක්ෂියට එකඟව රාජකාරිය කරන ලෙස  මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරි කිරීම සඳහා ධෛර්යක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය. 

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මේ වන විට මූලික පුහුණුව ලැබූ ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 116 සහ පොලිස් කොස්තාපල්වරුන් 1169 දෙනෙකු විසිර යාමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අළුවිහාරපිටියේදී ඊයේ (15) පැවැත්විණි. එම උත්සවයට  එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා  මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

බය නැතුව හෘද සාක්ෂියට එකඟව ඔබ රාජකාරිය කරන්න. අලුත් දේශපාලනය ක්‍රමය තුළ කිසිදු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නෑ. ඒ නිසා ඔබටත් වගකීමක් තියෙනවා මේ තත්ත්වය තුළ නිවැරදිව රාජකාරිය ඉටුකරන්න.”

ඔක්තෝබර් 15

මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා අතර ඊයේ(14) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා. 

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම, ප්‍රජා ආරක්ෂාව, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සඳහා සහය වීම සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

ඔක්තෝබර් 15

ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය.

අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි පෙන්වා දුන් ජනාධිපතිවරයා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් ඉහළ ඉපයීමක් තිබෙන විට අක්‍රමිකතා සිදු විය හැකි බවට සමාජයේ කතිකාවක් තිබෙන බවත් සඳහන් කර සිටියා.

මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා සහගතව සිය මනාපය භාවිතා කර තිබෙන බවත් එම ජනවරමට වගවීමට තමන් බැදී සිටින බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාව, පුරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියාගේ අතෘප්තිමත්භාවය ආදී හේතු නිසා පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බව ඔහු පවසා සිටියා.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබා දී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ඔහු පවසා සිටියා.

මෙවර ජනවරමේ සංයුතිය , අරමුණ හා අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ දේශපාලන නායකත්වය තම කණ්ඩායම ලබාදීමට සූදානම් බවත් කියා සිටියේය.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදු කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති පවසා සිටියා.

ඔක්තෝබර් 15

තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

එසේම මෙම අවස්ථාවේ හදිසියේ වාහන ගෙන්වීම කර නොමැති බවත්, නව රජය බලයට පත් වූ පසු තීරුබදු සහන ලබා දෙන වාහන ගෙන්වා නොමැති බවත්, ඔහු සඳහන් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම ඩොලර් අර්බුදයක් රට තුළ යළි ඇති නොවෙන ආකාරයට, වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් ලබා දීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඔක්තෝබර් 15

මාස 6ක් සඳහා රු:300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රු:25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15 ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම් කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට අදාළව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අභිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණ ද, එම තීරණය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැත.

ඒ අනුව ධිවර කාර්මිකයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාලයක් සඳහා සහනයන් ලබා දීම සඳහා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔවුන් විසින් ලබාගනු ලබන එක් ඩීසල් ලීටරයකට රුපියල් 25/- ක මුදලක් ලැබෙන සේ මසකට රුපියල් 300,000/- ක් දක්වා වන උපරිමයකට යටත්ව ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම ද, ඉන්ධන වශයෙන් භූමිතෙල් ලබා ගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට භූමිතෙල් ලිටර 15 ක හා මසකට දින 25ක උපරිමයකට යටත්ව, රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භුමිතෙල් ලීටරයකට රුපියල් 25/- ක “ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දී තිබෙනවා.

ඩීසල් හා භුමිතෙල්වල මිල සංශෝධනයක් සිදු කරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250/- ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150/- කට ද යටත්ව, උපරිම මාස 06 ක කාලයක් දක්වා ඩිසල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 12.5%ක සහනයක් ද ධිවර ජනතාව හිමි වන පරිදි මෙම වැඩසටහන පවත්වාගෙන යනු ලබයි.

ඔක්තෝබර් 15

මෙම වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගං වතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවේදීය.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙසත් , ඉන් පසුව දේපළ හානි පූර්ණය සඳහා කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විටත් අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා සිටියා.

මෙම වසරේදී මීට පෙර ඇති වූ ගංවතුර තත්ත්වයේදී දේපළ හානි පූර්ණ නොවූ ජනතාවගේ ගැටලු පිළිබඳවද සොයා බලා ඊට අදාළ වන්දි ලබාදීම් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඔක්තෝබර් 14

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි තිබෙනවා.

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාරදී ඇති බව සඳහන්.

ඔක්තෝබර් 14

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වා ඇති බව සඳහන්.

මෙම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පුර්ණ සහාය ලබා දෙන බවට ද නියෝජිතවරිය සහතික වී තිබෙනවා.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳව ද මෙම හමුවේ දී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර ග්‍රාමීය කාන්තාවන් ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම සීමා කිරීම, මූල්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු තරම් අභියෝගවලට මුහුණ පැමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී ඇති බවත් සඳහන්.

ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව දුර්වල මට්ටමක පැවතීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා පැහැදිළි කළේ කෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට ඇති ඉඩම් කුඩා ප්‍රමාණයක් බවත්, ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස නොසලකන බව‍යි.

මෙම ගැටලුව විසඳීම සඳහා, කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජයේ සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදීමට මෙහිදී කැමැත්ත පළ කළ සහකාර මහලේකම්වරිය ඩිජිටල්කරණය දූෂණය අවම කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස යොදා ගත හැකි බව ද පෙන්වා දී තිබෙනවා.

මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එවැනි ප්‍රතිසංස්කරණ මගින් සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත් නියෝජනයක් සහතික කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් සඳහන්කර සිටියා.

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම ක්ෂේත්‍රයේ පොලී අනුපාත අසාධාරණ බවයි.

කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට සහාය දැක්වීම සඳහා නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත්, ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම සඳහා කාන්තා ව්‍යවසායකයින් විසින් ඉදිරිපත් කරන හොඳම යෝජනා සඳහා භාණ්ඩාගාර ඇපකර ලබා දීමටත් රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔක්තෝබර් 14

රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක් වැට් බදු ගෙවීම් පැහැර හැරී යැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 ක බැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාරදුන් අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළ මාස 06 ක සිර දඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්.මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වග උත්තරකරුවන් විසින් මෙම අභියාචනය තුළින් ඉල්ලා තිබෙනවා.

ඔක්තෝබර් 14

පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද (14) ඔහු සඳහන් කළේ, එම වාර්තා අස්ථානගතවීමට ලක්ව හෝ පිටු ගැලවීමකට ලක්වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි.

චැනල් 4 නාලිකාව සිදුකළ වාර්තා වැඩසටහන සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් පිටු අස්ථානගත වී ඇති බවට පසුගිය වකවානුවේ කතාබහක් මතුව තිබුණා.

පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, මෙලෙස ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල පිටු අඩු වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

ඔක්තෝබර් 14

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම” නමින් පලකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුය.

එලෙස නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ඔක්තෝබර් මස 28 වැනි දින හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව-කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ  [email protected] යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් “අල්ලස්  හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ  ජනරාල්වරයා පත්කිරීම” යනුවෙන් සඳහන් කළ යුතුය. 

මේ සඳහා වන පුවත් පත් දැන්වීම මේ මස 13 සහ 14 යන දිනවල ජාතික පුවත්පත්වල පලකර තිබේ.

සබැඳිය: https://www.parliament.lk/si/secretariat/advertisements/view/315

ඔක්තෝබර් 14

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය  සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (14) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකළාය. 

අදාළ පෙත්සම් අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් අද (14) කැඳවූ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ මස 07 වනදා යෝජිත සුලං බල ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇතැයි සඳහන් කළාය. 

ඒ අනුව ශ්‍රී ලංකා රජය හා ඉන්දීය අදානි සමාගම අතර ඇතිකරගත් ගිවිසුමේ අන්තර්ගත කරුණු සහ පෙත්සම් වල අන්තර්ගත කරුණු සැලකිල්ලට ගෙන අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි කරුණු සලකා බැලීමට නියමිත බවත් ඉන් අනතුරුව ඊට අදාළව තීරණයක් ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

වත්මන් අන්තර්වාර අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ස්ථාපිත කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලය විසින් මීට අදාළ ව ගනු ලබන තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය. 

එතෙක් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වාචිකව අධිකරණයට දන්වා සිටියාය.

මෙම කරුණු කෙරෙහි එකඟතාවය පළ කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන්ගේ වෙනස් වීම් සිදුවී ඇති නිසා ඉදිරියේදී පත්වීමට යෝජිත අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ද වගඋත්තරකරුවන් කරමින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට අවසර ලබාදුන් අධිකරණය මෙම කටයුතුවලට අදාළව රජයේ යම් නිරීක්ෂණයක් වේ නම් ඒවා ලබන ජනවාරි මස 31 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.

ඔක්තෝබර් 14

රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක් වැට් බදු ගෙවීම් පැහැර හැරී යැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 ක බැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔක්තෝබර් 14

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු උතුරේ දේශපාන පක්ෂ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානයක පවසනවා.

එසේම එල්ලවන චෝදනාවලින් පාර්ලිමේන්තුව මුදාගැනීමට හොඳම අවස්ථාව මහමැතිවරණය බව ඔහු කියා සිටියා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් අද (13) පෙරවරුවේ කොළඹදී හමුවු අවස්ථාවේදීයි.

උතුරේ ප්‍රධාන දේශපාලන නායකයෙකු හමු වු අවස්ථාවකදී ඔහු කියා සිටියේ උතුරු ජනතාව අප සමඟ වැඩ කරන්න සුදානම් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තුවට ශක්තිමත් නියෝජනයක් වගේම ගති ලක්ෂණවලින් ගුණානත්මක විය යුතු ඔහු අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත් මේ වන විට මහජනතාවගේ ධනය නාස් කරන තැනක් ලෙස පාර්ලිමේන්තුව හංවඩු ගැසී තිබෙන අතර පාර්ලිමේන්තුව ඉතා කැත කාලගෝට්ටියක් වෙන ස්ථානයක් බවට පත් වෙලා තියෙන බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණ කර සිටියා.

සියළු ගණයේ අවරගණයන්, විනාශකාරි තත්ත්වයන් පරාජයන් බවට පත් මිනිසුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩ නැගිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

එමෙන්ම ජනාධිපතිවරණයේදී අපිට එරෙහිව විවිධ ප්‍රබන්ධයන් ගොඩ නැගු අතර එම චෝදනා ප්‍රබන්ධයන් බවට පත්ව අද ඔවුන්ටම පරාවලලක් වෙලා තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියා.

තව ද ප්‍රතිවිරුද්ධ පාර්ශවය මේ වන විට දුබල වී තිබෙන අතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විපක්ෂය නියෝජනය කල යුතු යැයි දැන් ඔවුන් කියා සිටින බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඔක්තෝබර් 13

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබා දී තිබෙනවා.

අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ට, ජනාධිපතිවරයා දැනුම් දුන් දී තිබෙනවා.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ඇති වූ ගංවතුර සහ නායයම් නිසා පවුල් 6,018ක පුද්ගලයන් 24,492ක් විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

සහන මධ්‍යස්ථාන 23ක, පවුල් 584ක පුද්ගලයන් 2,200ක් මේ වන විට ආරක්ෂිතව රඳවාගෙන තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය හරහා ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මේ වන විට සහන සේවා කටයුතු ආරම්භ කර තිබෙනවා.

හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ඇමතුම් මැදිරිය සහ 0112136136, 0112136222, 0112670002 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔක්තෝබර් 13

2024.10.10 දිනට යෙදුන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී සංවිධානයේ (CAN MH Lanka) මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් කීර්ති නානායක්කාර විසින් පසුගියදා (10 ) අග්‍රාමාත්‍යතුමියට සමනල රුව සහිත ලාංඡනය පළදවන ලදී.

2012 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී සංවිධානය, මානසික සෞඛ්‍ය වෙනුවෙන් පෙනීසිටින අතර ඔවුන් මිනිසුන්ට බලපාන මානසික ආබාධ වලට මුහුණ දෙන ආකාරය පිළිබදව දැනුම ලබාදෙයි.

2013 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස 10 වන දින ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නම් කර ඇති අතර, ලොව පුරා මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය ගැටලු අත්විඳින අයට සහාය වීමට උත්සාහයන් බලමුලු ගැන්වීම මෙහි අරමුණු වේ. මෙවර එහි තේමා වී ඇත්තේ “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල් තැන දෙමු” යන්නයි.

ඔක්තෝබර් 12

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක් ඊයේ (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් අදහස් හුවමාරු කර ගත් අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා හමුවේ පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමටත් එම කටයුතු ඉවහල් වනු ඇති බව ද සමන්තා පවර් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔක්තෝබර් 12

අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත්කරයි

අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා.

මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම ඊයේ (11) දින කොළඹ මහ නගරසභාව විසින් සිදු කෙරිණ.

මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත 2005 සිට , වසර 19 ක කාලයක් වසා දමා තිබිණි.

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම තීරණය නිසා අවට ප්‍රදේශවල රථවාහන ගමනාගමනය ලිහිල් කිරීමට සහ මහජනතාවට වැඩි පහසුවක් සැලසෙන බව සඳහන් වනවා.

ඔක්තෝබර් 12

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එම අමාත්‍යාංශය සදහන් කළේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මෙය තාවකාලිකව අවලංගු කළ බවයි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 14 පැවැත්වීමට නියමිතව තිබූ අතර, රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ලබන මස 09 වනදායි පැවැත්වීමට නියමිතව තිබුණේ.


ඔක්තෝබර් 12

රාජ්‍ය ආයතන මගින් සංවිධාන කරන විවිධ උත්සව සහ වැඩසටහන් සදහා අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ඡායාරූප සහ පණිවිඩ යොදා ගන්නේනම් ඒ සදහා පූර්ව අවසරයක් ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ, ස්මාරක, සමරුඵලක, සමරු කලාප මෙන්ම, විද්‍යුත් සහ මුද්‍රිත ප්‍රකාශ සදහා මෙය වලංගු බවයි.

ඊට අදාළ උපදෙස් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ අත්සන සහිතව අදාළ අංශ වෙත යොමු කර තිබෙනවා.

ඔක්තෝබර් 12

පෞද්ගලික ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී තිබූ ගිනිඅවි ආපසු ලබාදෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ දැනුම්දීම මත නැවත භාරදී ඇත්තේ ගිනිඅවි 30ක් පමණක් බව වාර්තා වනවා.

ඉකුත් වසරවල විවිධ ‘විශේෂිත පුද්ගලයන්’ සඳහා නිකුත් කරන ලද ගිනි අවි 1,690කින් 30 ක් පමණක් මෙසේ වැලිසර නාවික හමුදා කඳවුරට ආපසු ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ.

ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සහ වෙනත් ධනවත් පුද්ගලයන්ට පවතින තර්ජන පිළිබඳව නිසි තක්සේරුවකින් තොරව මෙම ගිනි අවි නිකුත් කර ඇති බවයි ආරක්ෂක ආරංචි මාර්ග අනාවරණය කරන්නේ.

මේ අතර එම ප්‍රභූවරුන්ට විවිධ තර්ජන පවතින බව පවසා පොලිස් වාර්තා ලබාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනමාධ්‍ය වෙත පවසා තිබෙනවා.

පැවති ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් ගිනි අවි 10 බැගින් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේ අවි ලබාගත් මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසක්ද සිටින බව පැවසෙනවා.

මේ අතර පොලිස් ආරංචි මාර්ග පවසන්නේ එම ආයුධවලින් යම් ප්‍රමාණයක් අතුරුදන් බවයි.

ඔක්තෝබර් 12

2024 මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා 690ක් පිළිගෙන තිබෙනවා.

ඒ අතර නාමයෝජනා 74 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

කණ්ඩායම් 690 ක් ඡන්දයට සුදුසුකම් ලබයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (11) මධ්‍යහ්න 12:00 න් අවසන් වුණා.

දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන්වරුන් කියා සිටියේ පිලිගත් ප්‍රධාන දාරාවේ දේශපාලන පක්ෂ කිසිවක නාම යෝජනා ප්‍රතික්ශේප වී නොමැති බවයි.

එසේම පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690 ක් මහ මැතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අතර, අද උදෑසනත් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා භාර දීම සිදු කළා.

ඒ අනුව, ජාතික ජන බලවේගයෙන් මෙවර කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු කණ්ඩායම නාම යෝජනා භාර දීම සිදු කළේ අදයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් පක්ෂ අපේක්ෂයින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් ද අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාර දී තිබුණා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්නගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔහු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ කලහකාරී ලෙස හැසිරී තිබුණා.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාර දෙනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකාරුණායි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දිස්ත්‍රික් නායකයා ලෙස රුවන් විජේවර්ධන නාම යෝජනා භාර දුන්නා.

සර්ව ජන බලය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාම යෝජනා භාර දුන්නේ, එහි නායක දීලීත් ජයවීරයි.

ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කය සඳහා ද දේශපාලන පක්ෂ ඇතුළු ස්වාධීන කණ්ඩායම් නාම යෝජනා භාර දුන් අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් නාම යෝජනා ලැයිස්තුව භාර දුන්නේ, කණ්ඩායම් නායක රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර සර්ව ජන බලය පක්ෂයේ දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ ඇතුළු පිරිස කළුතර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාර දුන් අතර, ජාතික ජනබලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට නාම යෝජනා භාර දුන්නේ, දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

එසේම මෙන්ම සමගි ජනබලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන් කණ්ඩායම්ද කළුතර දිස්ත්‍රික්කය සඳහා අද සිය නාම යෝජනා භාර දුන්නා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කරන අපේකෂකයින් ඇතුළු පිරිසක් සිය නාම යෝජනා භාර දෙනු ලැබුවා.

ජාතික ජනබලවේගයද නලීන් හේවගේ ගේ කණ්ඩායම් නායකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාම යොජනා භාර දුන්නා.

මාතර දිස්ත්‍රික්කය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිපුණ රණවකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාර දුන් අතර, සර්ව ජන බලය පක්ෂයේ නාම යෝජනා භාර දුන්නේ හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහගේ ප්‍රධානත්වයෙන්.

හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කරන අපේක්ෂකයින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා භාර දුන්නා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සෙසු පක්ෂ ද ස්වාධීන කණ්ඩායම්ද හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා අද සිය නාමයෝජනා භාර දුන්නා.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කය සඳහා සමගි ජනබලවේගය නාම යෝජනා භාර දුන්නේ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජන බලය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්ද මහනුවර දිස්ත්‍රික්කය සඳහා අද සිය නාමයෝජනා භාර දෙනු ලැබුවා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සමගි ජනබලවේගය අද නාමයෝජනා භාර දුන්නේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක අශෝක් අබේසිංහගේ ප්‍රධානත්වයෙන් සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්ද කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නාම යොජනා භාර දී තිබුණා.

මෙවර මහමැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසද අද සිය නාමයෝජනා භාරදුන්නා.

එසේම සමගි ජන සන්ධානයෙන් මහමැතිවරණයට තරඟ කරන නුවරඑළිය දිස්ත්‍රිකකයේ අපේක්ෂකයින්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පී දිගම්බරම් ගේ කණ්ඩායම් නායකත්වයෙන් අද නාම යෝජනා භාර දුන්නා.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ නාම යෝජනා භාර දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන්.

සමගි ජනබලවේගයද අද රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාර දුන්නේ එම පක්ෂයේ කණ්ඩායම් නායක හේෂා විතානගේ ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කරන අපේක්ෂකයින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ කණ්ඩායම් නායකත්වයෙන් සිය නාම යෝජනා භාර දුන් අතර සමගි ජනබලවේගය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාර දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් විසින්.

බදුල්ල දිස්ත්‍රිකය සඳහා අද ජාතික ජනබලවේගය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් නාමයෝජනා භාර දුන්නා.

පුත්තලම දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා භාර දුන්නේ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි ප්‍රියංකා යි.

ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ද පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාර දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මොනරාගල දිස්ත්‍රිකකයෙන් තරඟ කිරීම සඳහා සිය නාම යෝජනා භාර දුන්නේ කණ්ඩායම් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන්.

සමගි ජනබලවේගය ඇතුළු සෙසු පාර්ශ්වද අද එම දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන්නා.

අම්පාර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාම යෝජනා භාර දුන්නේ දිස්ත්‍රික් නායක ඩී.වීරසිංහගේ ප්‍රධානත්වයෙන්.

දයා ගමගේ ඇතුළු කණ්ඩායමද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ අම්පාර දිස්ත්‍රික්කය සඳහා සිය නාම යෝජනා භාර දුන්නා.

එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ඇතුළු කණ්ඩායම මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් අද නාම යෝජනා භාර දුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාන්කම් ඇතුළු පිරිස ඉලංගෙයි තමිල් අරසු පක්ෂය වෙනුවෙන් නාමයෝජනා භාර දුන්නා.

මේ අතර වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන සන්ධානය යටතේ මහමැතිවරණයට තරඟ කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදුයුදීන් ඇතුළු කණ්ඩායමද අද සිය නාම යෝජනා භාර දුන්නා.

එසේම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර මහමැතිවරණයට තරග කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා සහ දෙමළ ඩයස් පෝරාව නියෝජනය කළ එමිල් කාන්තන් ද අද වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා භාර දී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්ක සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවාන්දා ඇතුළු කණ්ඩායම සිය නාම යෝජනා භාර දුන්නේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යටතේයි.

මේ අතර නාම යොජනා භාර දීමේ දී කණ්ඩායම් 74 ක නාම යෝජනා ප්‍රතික්ශේප වී තිබෙනවා.

එහෙත් පිලිගත් ප්‍රධාන දාරාවේ දේශපාලන පක්ෂ කිසිවෙක නාම යෝජනා ප්‍රතික්ශේප වී නැහැ.

එහෙත් හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ඉදිරිපත් කල ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ශේප වී තිබුණා.

නාම යෝජනා භාර ගැනීමේ කටයුතු වලින් පසුව මැතිවරණ කොමිශන් සභාවේ අද පස්වරුවේ පැවති විශේශ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690 ක් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි.

ඔක්තෝබර් 11

ලෝක ආහාර වැඩසටහනේ සහය ශ්‍රි ලංකාවට තවදුරටත් ලබාදෙන බව, එහි මෙරට අධ්‍යක්ෂ අබ්දුල් රහීම් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක හමුවූ අවස්ථාවේදීයි.

ශ්‍රි ලංකාව තුළ ආහාර පිළිබද අර්බුධකාරී තත්ත්වයක් නොමැති වුවත්, අවශ්‍යතා පැන නගින ඕනෑම මොහොතක සිය සහයෝගය ලබා දෙන බවයි ඔහු එහිදී සදහන් කර ඇත්තේ.

ඔක්තෝබර් 11

සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්, ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

එමෙන්ම, එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔක්තෝබර් 10

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අක්කර පහකට නොවැඩී ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදීයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, ඉඩම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හේමසිරි ලියනගේ ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියා.

ඔක්තෝබර් 10

  • රජයේ අරමුදල් භාවිතා කරමින් සිදු කරන කාර්යයන්වලදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූලව කටයුතු කිරීම අවශ්‍යයි – ජනාධිපති ලේකම් රාජ්‍ය ආයතනවලට දැනුම් දෙයි

විවිධ උත්සව සඳහා  සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (10) උපදෙස් ලබා දී ඇත.

රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

ඔක්තෝබර් 10

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම, අනාගතය සඳහා විවෘත කිරීම යන වාර්තාව මඟින් ලෝක බැංකුව පවසනවා.

ඒ අනුව 2024 දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් එහි සඳහන්.

එමෙන්ම, 2025 සඳහා අපේක්ෂිත වර්ධනය 3.5%ක් බවත් එහි සඳහන්.

කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදු වී ඇති ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩ නැගී ඇති බවයි ලෝක බැංකුව සඳහන් කරන්නේ.

ඔක්තෝබර් 10

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක ණය ලබාගෙන ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව පවසන ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, මීට පෙර සිදුකළ පුරෝකථන අභිබවමින් මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය 4.4% ක් දක්වා ළඟා වනු ඇති බවයි.

වසරකට දෙවතාවක් ලෝක බැංකුව නිකුත් කරන දකුණු ආසියා සංවර්ධන ඇගයුමෙහි කොටසක් වන “ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම – අනාගතය සඳහා විවෘත කිරීම” වාර්තාව අද (10) එළිදක්වනු ලැබුවා.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති අතර, මීට පෙර සිදුකළ පුරෝකථන අභිබවමින් මෙම වසරේදී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟාවනු ඇති බවයි.

එමෙන්ම ලබන වසර සඳහා ශ්‍රී ලංකාවට 3.5%ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක්ද පුරෝකථනය කර තිබෙනවා.

කර්මාන්ත සහ සංචාරක අංශ මගින් දැක්වූ දායකත්වය මුල්කර ගනිමින් කාර්තු 4ක් පුරා සිදුව ඇති ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම, තීරණාත්මක, ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩනැඟී ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, අපනයන ඉහළ නැංවීමට, විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, දිළිඳුකම පිටුදැකීම, සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති අවදානම වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා අඛණ්ඩ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද එහි සඳහන්.

මේ අතර අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක ණය ලබාගෙන ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතු මඟින් මේ වසරේ පළමු මාස 08 තුළ පමණක් දේශීය වෙළෙඳ පොළෙන් මාසිකව ලබා ගෙන තිබූ ණය ප්‍රමාණය ද රුපියල් බිලියන 800 කට අධිකයි.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේත් රුපියල් මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කැඳවා තිබූ අතර, එය මෙම මාසයේ සිදුකළ දෙවැනි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියයි.

මේ සඳහා රුපියල් මිලියන දෙලක්ෂ හතලිස් තුන්දහසක පමණ ඉල්ලුමක් ලැබී තිබුණු අතර, එය එම නිකුතුව මෙන් තුන් ගුණයක ඉල්ලුමක්.

මේ අතර නව රජය යටතේ පළමු වරට හෙට රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බාධාවක් බවයි.

ඔක්තෝබර් 10

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර තිබෙනවා.

හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න පසුගිය 07 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

1993 දී නීතිඥ වෘත්තියේ දිවුරුම් දෙමින් නීති වෘත්තියට අත්පොත් තැබූ එම්.ආර්.වයි.කේ.උඩවෙල 1996 වසරේ ජනවාරි 16 වන දින සහකාර අධ්‍යක්ෂ (නීති) ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එක් වී තිබෙනවා.

දැනට කොමිෂන් සභාවේ වසර 28කට අධික සේවා කාලයකට හිමිකම් කියන ඇය කොමිෂන් සභා 07ක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරු 08 දෙනෙකු යටතේ සිය සේවය ලබා දී ඇති බවද සඳහන්.

ඇය නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමට පෙර අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඔක්තෝබර් 10

  • ශ්‍රී ලාංකිකයින්ට තුර්කිය තුළ රැකියා අවස්ථා වැඩි කිරීමට අවධානය

තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී සිය හෘදයාංගම සුබපැතුම් එක් කළ තානාපතිවරයා තුර්කි ජනාධිපති රිචෙප් තයියීප් එර්දොවාන් (Recep Tayyip Erdogan) මහතාගේ සහ තුර්කි ජනතාවගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

තුර්කි ජනපති එර්දොවාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ සුබ පැතුම් පණිවිඩයේ මෙසේ සඳහන් විය. “ඔබතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව මම මගේ රට සහ ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී සුබපැතුම් එක් කරමි. එසේම ඔබගේ ධුරයෙහි සාර්ථකත්වය කරා ළඟාවීමට ඔබට හැකි වේවා යැ’යි මම ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සාමය සහ සමෘද්ධිය ඇති කරලීමටත්, ඔවුන් ශක්තිමත් කිරීමටත් ඉවහල් වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.”

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක, රැකියා සහ වෙළෙඳාම යන ක්ෂේත්‍රයන්හි සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා තුර්කි තානාපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

තුර්කියේ සංක්‍රමණික ශ්‍රම බලකාය සඳහා වන ඉල්ලුම ඉහළ යමින් තිබෙන බව මෙහිදී තුර්කි තානාපතිවරයා පෙන්වා දුන් අතර විවිධ ක්ෂේත්‍රයන් තුළ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදා කර දෙන බවටද සහතික විය.

තුර්කි ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් තුර්කිය වෙත ශ්‍රී ලංකාවේ තේ අපනයනය පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීමට ද තානාපතිවරයා විසින් එකඟතාව පළ කරන ලදී.

තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සංකේතවත් කරමින් තුර්කියේ නිල සංචාරයකට එක්වන ලෙසද තුර්කි තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළේය.

ඔක්තෝබර් 10

දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

මෙහිදී අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජුගේ සුබපැතුම් තානාපති අල්කතානි මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

කලාපය තුළ පවත්නා වත්මන් තත්ත්වය සහ සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා සිදු කෙරිණි.

මෙහි දී ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහාය සහ ජාතීන් දෙක අතර වන අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව තානාපති අල්කතානි මහතා සිය ප්‍රශංසාව පළ ක‍ළේය. සෞදි අරාබිය වෙත ශ්‍රී ලංකාවේ තේ අපනයනය ඉහළ නැංවීම කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ සහ තානාපතිවරයාගේ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකාව වෙත ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව රජය දිරිමත් කළ සෞදි අරාබි තානාපතිවරයා, සෞදි අරාබියේ ආයෝජන මෙරටට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මට්ටමේ සෞදි ආයෝජනයන් ඇති බවත්, ඒ තුළින් අනාගත සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට හැකියාව සැලසෙන බවත් තානාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මෙම හමුව තුළින් දෙරට අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තව දුරටත් තහවුරු වනු ඇති බව තානාපති අල්කතානි මහතා සඳහන් කළේය.

ඔක්තෝබර් 10

මියන්මාර රජය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) මගින් පහසුකම් සපයන මියන්මාරයේ මයිවාඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල තවමත් රඳවා සිටින අතිරේක ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා තායින්ලන්ත රජයේ සහය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තායිලන්ත රජයෙන් ඉල්ලා සිටියාය.

තායිලන්ත තානාපති, පයිටූන් මහපන්නපෝන් (Paitoon Mahapannaporn, ) සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර අද (2024.10.10) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ ඉල්ලීම සිදු කළාය.

සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු බේරා ගැනීමට තායිලන්තය රජය ලබා දුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, තවමත් එම මධ්‍යස්ථාන වල සිටින ශ්‍රී ලාංකිකයින් 40 දෙනා බේරා ගැනීම සඳහා අඛණ්ඩ සහයෝගය ඉල්ලා සිටියාය.

අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වීම පිළිබඳව තානාපති පයිටූන් මහපන්නපෝන් උණුසුම් සුබපැතුම් පළ කළ අතර ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කර ගැනීම, සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම, නවීන කෘෂිකාර්මික තාක්‍ෂණය භාවිත කිරීම, රුහුණු විශ්වවිද්‍යාලයේ සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික පීඨ ඒකාබද්ධව පසු අස්වනු තාක්ෂණය සහ ආහාර සැකසීම වැනි පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , ප්‍රංටිප් කොන්ග්‍රිදිසුක්සකෝර්න් (Prangtip Kongridhisuksakorn) මහත්මිය සහ තොම් පෙට්ච්පුග්ඩෙපොන්ග් (Thom Petchpugdepong ) මහතා ඇතුළු තායි තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡා සඳහා සහභාගි වූහ. අධ්‍යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ තිළිණි ඉහළගේ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔක්තෝබර් 10

තැපැල් සේවාව නවීන තාක්ෂණය සමග එකතුකරමින් ජනතාවට වඩාත් සමීපව, ආර්ථිකයට දායක වන ආයතනයක් ලෙස දියුණු කිරීම අතිශය වැදගත්ය.

ඒ අනුව අදට යෙදී තිබෙන ජාත්‍යන්තර තැපැල් දිනයට සමගාමීව විශ්ව තැපැල් සංගමයට වසර 150ක් සැපීරීම වෙනුවෙන් සමරු මුද්දර තුනකුත්, QR කේතය සහිත මතක සැමරුම් මුද්දර දෙකකුත් අද දින නිකුත් කෙරුණා.

තැපැල් සේවය අපට ඉතාම සමීපව තිබුණු නමුත සන්නිවේදනයේ දියුණුවත් සමඟ තැපෑල යම් පසුබෑමකට ලක් වුවත් නව තාක්ෂණය සමඟ අනුගතවීමෙන් තැපෑලට විශාල සේවාවක් සිදු කළ හැකියි.

සම්ප්‍රදායිකව තැපෑලට මෙන්ම මුද්දර වලට විශාල වටිනා කමක් තිබෙනවා. එමෙන්ම ලෝකයේ මුද්දර අතර ලංකාවේ මුද්දරවල වටිනාකමක් සහ අලංකාර බවක් තිබෙනවා.

ඒ අනුව තැපැල් සේවාව ජනතාවට සමීප කරන්නත්, ජාතික ආර්ථීකයට තැපෑල සම්බන්ධ කරමින් දියුණු කරන්නට අපි කටයුතු කළ යුතුයි.

ඔක්තෝබර් 9

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙරට වියට්නාම තානාපතිනි ටිරන්තී ටෑන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාට සුබපැතීම සඳහා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි.

මෙහිදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික, බෞද්ධ මෙන්ම සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවදානය යෙමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔක්තෝබර් 10

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) දිවුරුම් දී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

ඔක්තෝබර් 10

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීමේ පාකිස්ථානයේ කැපවීම ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පාකිස්ථාන දීර්ඝකාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ පාකිස්ථාන මහකොමසාරිස්වරයා පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ විශේෂ සුබ පැතුම් පණිවිඩය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

එම සුබපැතුම් පණිවිඩයේ පකිස්ථාන ජනාධිපතිවරයා මෙලෙස සඳහන් කර තිබේ. “ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර වන සමීප සබඳතාව මම බෙහෙවින් අගය කරමි. ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාදය, නීතියේ ආධිපත්‍යය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය යන කරුණු මත පදනම් වී ඇති අපගේ සහයෝගීතාව තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. එය අප දෙරටේම සුබ සිද්ධිය සඳහා හේතු වන බව මගේ විශ්වාසයයි.”

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන දේශපාලන සහ ආරක්ෂක සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළ අතර ආරක්ෂක ක්ෂේත්‍රයේදී පකිස්ථානයේ සහාය නොමඳව ශ්‍රී ලංකාව‍ට ලබා දෙන බවට මහ කොමසාරිස්වරයා සහතික විය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. දැනට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට පාකිස්ථානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙන අතර ඉදිරියේදී කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රයන් සඳහා ද අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ග්‍රාමීය දරිද්‍රතාව මැඩලීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඇති ශක්තිමත් සබඳතාව මෙම හමුවේදී තවදුරටත් තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සබඳතා වර්ධනය කරගැනීමට දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

ඔක්තෝබර් 10

දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

මෙහිදී අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජුගේ සුබපැතුම් තානාපති අල්කතානි මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

කලාපය තුළ පවත්නා වත්මන් තත්ත්වය සහ සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා සිදු කෙරිණි.

මෙහි දී ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහාය සහ ජාතීන් දෙක අතර වන අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව තානාපති අල්කතානි මහතා සිය ප්‍රශංසාව පළ ක‍ළේය. සෞදි අරාබිය වෙත ශ්‍රී ලංකාවේ තේ අපනයනය ඉහළ නැංවීම කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ සහ තානාපතිවරයාගේ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකාව වෙත ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව රජය දිරිමත් කළ සෞදි අරාබි තානාපතිවරයා, සෞදි අරාබියේ ආයෝජන මෙරටට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මට්ටමේ සෞදි ආයෝජනයන් ඇති බවත්, ඒ තුළින් අනාගත සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට හැකියාව සැලසෙන බවත් තානාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මෙම හමුව තුළින් දෙරට අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තව දුරටත් තහවුරු වනු ඇති බව තානාපති අල්කතානි මහතා සඳහන් කළේය.

ඔක්තෝබර් 10

ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අවධානය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලදී. එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කරනු ලැබීය.

බදු නීති මනා සම්බන්ධීකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැර හැරීම් වැළැක්විමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිද වැඩිදුරටත් අවධානය යොමු විය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එච්.ඩබ්ලිව්.එස්.පී.කරුණාරත්න, සී.එස්.ඒ චන්ද්‍රසේකර, ඩබ්ලිව්.එස්.අයි සිල්වා, එස්. පී. අරුක්ගොඩ, ජේ. එම්. එම්. ජී. විජේරත්න බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. එල්.සී. වීරකෝන්, ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්. ආර්.ජී.ඒ.බී. මුතුකුඩ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එස්. චන්ද්‍රසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් වන බී.කේ.එස්. ශාන්ත, ජේ.ඒ.ඩී.ඩී.බී.කේ සිරිවර්ධන, ජේ.ඩී. රණසිංහ, ඩී.එම්.එන්.එස්.බී. දිසානායක, එච්.එච්.එස් සමන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ටී.එම්.එස් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔක්තෝබර් 9

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳව මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බව තමන්ට දැන ගැනීමට ලැබුණ බවත් කෙසේ වෙතත්, කිසිදු අවස්ථාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමට වත්මන් රජයට කිසිදු අදහසක් නොමැති බවද ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසයි.

ආරක්‍ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ , වැඩභාර ගැනීමෙන් අනතුරුව පසුගියදා (07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිදුකල පළමු නිල සංචාරයේදී ගුවන් හමුදා සාමාජිකයින් අමතමිනි.
මෙම සංචාරය අතරතුර ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ගුවන් හමුදා මූලස්ථානයේ අංශ කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද ආරක්‍ෂක ලේකම්වරයා සමඟ මෙම සංචාරයට එක් විය.

ඔක්තෝබර් 9

දරුවන් මුහුණ දෙන අනාරක්ෂිත භාවයෙන් සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් බේරා ගැනීමේ සැලැස්මක් අවශ්‍යයි.

අනාරක්ෂිතභාවය සහ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් එයින් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය පැවසීය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ යන්න තේමා කර ගනිමින් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී ඊයේ (08) පැවති ලෝක මානසික සෞඛ්‍ය දින ‍ජාතික සැමරුම් උත්සවට සහභාගි වෙමිනි.
මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් ලොකයේ වසරකට ලක්ෂ 07ක සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සඳහා යොමුව වන අතර, මානසික පීඩාවෙන් දුක් විදිනු ලබන්නේ බොහෝ විට වයස අවුරුදු 15 ත්, 29ත් අතර තරුණ පරපුර බව සෞඛ්‍ය දත්ත වර්තා තුළ සඳහන් වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය,

පාසල් පද්ධතිය සහ සමාජය තුල දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිවීම සහ අධ්‍යාපනයට අදාල ක්ෂේත්‍රවල ඇතිව තිබෙන තරගකාරීත්වය තුලින් පාසල් දරුවන් ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. දරුවන් එයින් මුදවා ගන්න විධිමත් සැලැස්මක් අවශ්‍යයි. පවුල සහ ප්‍රජාව තුළ දරුවන්ගේ මානසික සෞඛ්‍ය රැකගැනීමට සකස් කළ යුත්තේ කුමන ප්‍රතිපත්ති ද, සැලසුම් ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය යුතුයි.
මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිශයින්ම වැදගත් අවධානය නොලබන ක්ෂේත්‍රයක් ‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ යන්න වැදගත් තේමාවක්. ආර්ථීක දේශපාලන සාමාජීය අර්බුධ රැසක් පවතින කාලවකවානුවක වැඩ කරන ස්ථානය තුල සියළු පුරවැසියන්ට මුහුණදීමට සිදුවන ආතතීන් අපහසුතා වැඩි වෙනවා. තමන්ගේ දරුවා පාසලට බාරදුන් පසු පාසල තුල ආරක්ෂාව පිළිබද විශ්වාසයක් නැතිනම්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබද විශ්වාසක් ඇතිව දරුවන් තැබිය නොහැකි නම්, වැඩිහිටියන් බලාගැනීමට නිසි ක්‍රමවේදයක් සමාජය තුල නැතිනම් ආයතනය තුල තිබිය යුතු මානසික සුවය සමග වැඩ කිරිමට අපහසු වෙනවා. ආයතනයක් තුල ස්ත්‍රී පුරුෂ අනන්‍යතා නිසා ඇතිවන වෙනස් කොට සැළකීම්, ලිංගික අතවර වැනි දේ පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. සියදිවි නසාගැනීම්, සියදිවි නසා ගැනීමට තැත් කිරිම් වැනි දේවල් දැන් ප්‍රචලිත වෙලා තිබෙනවා. පාසලේ, ගරුවරුන්ගේ, දෙමාපියන්ගේ අතපසුවීමි නිසා මේ දේවල් සිදු වන බව කියමින් දොස් කියන්න සිදුවෙලා තිබෙනවා. ඊට එහා මේ කරුණ දිහා අවධානය යොමු කර දරුවන් මේ සදහා පත් කරන ක්‍රියාවලිය පිළිබදව අවධානය යොමු කළ යුතුයි. තරුණ තරුණියන් වෙනුවෙන් සංවේදී මානසික සෞඛ්‍ය සේවාවන් දියුණූ කිරීම පිළිබද අවධානය යොමු කිරීමත් ඉතාමත්ම අත්‍යාවශයයි.

ගෘහය සහ වැඩකරන ස්ථානය තුළ ජනතාවට මානසික සුවය ලබාදිය යුත්තේ කෙසේ ද, මානසික සුවය සහ මානසික යහපැවැත්ම දියුණුව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සහ සමාජය තුළ සාකච්ඡාවක් ඉතා වැදගත් වෙනවා. ආයතනය තුල තිබෙන විධිවිධාන සහ නීතිරීති පිළිබඳව පමණක් නොව සමාජය තුළ සමතුලිතතාවයක් පවත්වා ගත හැකි පරිසරක් ගොඩනැගීමට මැදිහත් වී ඇති ආකාරය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

ළමා නිවාස, රැදවුම් නිවාස, මානසික සෞඛ්‍ය සදහා වන රෝහල් මෙන්ම ආයතනගත පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය සේවා දියුණූ කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. සියළුම ක්ෂේත්‍රවල වැඩ කරන සියලු සේවකයින් පිළිබද අවධානය යොමු කළ යුතුයි. මෙය අතිශයින්ම වැදගත් මාතෘකාවක්. මම ඉල්ලීම් කරන්නේ පුළුල් ලෙස මේ පිළිබද සාකච්ඡා කරන ලෙසයි. මෙය වෛද්‍ය ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මෙය මනෝ සමාජීය ප්‍රශ්නයක්. මානසික සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඇති බාධාවන් කුමක් ද යන්න පිළිබද හොඳ තේරීමක් අවධානයක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනා වැඩ කළ යුතුයි. ඒ සඳහා රජයක් ලෙස අප ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය නියෝජනය කරමින් වෛද්‍ය ශලාලා අමදෝවා, මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ රොහාන් රත්නායක යන මහත්ම මහත්මින් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

ඔක්තෝබර් 9

ආනයනික අල සහ ලූණු මත බදු පැනවීම නිසා දේශීය ගොවියාට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් හිමිවන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.

මේ දිනවල අල, ලූණු අස්වනු නෙලමින් තිබෙන බවත්, එවන් අවස්ථාවක දී අර්තාපල් සහ ලූණු ආයනයනය කිරීම වැඩිවුවහොත් දේශීය ගොවියන්ට විශාල පීඩාවකට ලක් වීමට සිදු වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

එමනිසා අර්තාපල් ආනයනය කිරීමේ දී එක් කිලෝවකට රුපියල් 50ක් ව තිබු බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට හා ලූණු සඳහා රුපියල් 10ක බද්දක් පැනවි තිබුණ අතර එය රුපියල් 30 දක්වා රුපියල් 20කින් වැඩි කිරීමට රජය විසින් තීන්දු කළ බව අමාත්‍යවරයා පැවසුවේය.

ඒ අනුව, ආනයනික අල සහ ලූණු මත බදු පැනවීමක් සිදු වීමක් සිදු කර තිබෙන බවත්, එය දේශීය ගොවියන්ට තමන්ගේ අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් සිදු කළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඔක්තෝබර් 9

ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම් ද පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දකුණු කොරියාවේ කැපවීම තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් මෙහිදී තහවුරු කරනු ලැබූ අතර දෙරට අතර දිගුකාලීන සබඳතා පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරිණි. ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින බව සඳහන් කළ තානාපතිවරිය, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින් එම ප්‍රේෂණ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු විය. මීට අමතරව, කොරියානු සංචාරකයින් අතර සංචාරය කිරීම සඳහා ආකර්ශනීය රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සඳහා ආර්ථික වශයෙන් සහය ලබාදීම පිළිබඳවද සහතික වූ තානාපතිවරිය, දකුණු කොරියාව ද මීට පෙර අවස්ථාවලදී මෙවැනිම ආර්ථික අභියෝගවලට මුහුණ දුන් බවත්, ඒවා ජයගැනීමේ දී කොරියාව ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකාවට ද උපයෝගී කරගත හැකි බවත් ප්‍රකාශ කළාය. කොරියානු එක්සිම් බැංකුවේ ආයෝජන සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සලකමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

තව ද, සෞඛ්‍ය ආරක්ෂණය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන ක්ෂේත්‍රයන් සඳහා කොරියානු සහයෝගය ලබා දීමටද දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය සහතික විය. දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වඩාත් හොඳින් ඒ සඳහා සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොරියානු භාෂා අධ්‍යාපනය පුළුල් කිරීම කෙරෙහි වන දකුණු කොරියාවේ කැමැත්ත ද තානාපති ලී මහත්මිය විසින් මෙහිදී තව දුරටත් අවධාරණය කරන ලදී.

ඔක්තෝබර් 9

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුව යටතේම පමණක් භාවිත කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට පෙර රජය ගත් තීරණ අත්හිටුවන බව පවසමින්.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වසර 130ක් පැරණි පෞරාණික ගොඩනැගිල්ලක් වනවා.

ඔක්තෝබර් 9

කොළඹ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Naoki Kamoshida මහතා අද (09) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික)සම්පත් තුයියකොන්තා මහතා හමුවිය.

Kamoshida මහතා සමඟ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් Yuki Yokohari ද ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුයියකොන්තා මහතා ජපාන නියෝජිත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගෙන සුහද කතාබහක නිරත විය.
මෙහිදි, ආරක්‍ෂක සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳ නිලධාරීන් දෙදෙනා අදහස් හුවමාරු කරගත් අතර, දෙරට අතර පවතින ඓතිහාසික සබඳතාවය ද සිහිපත් කෙරිණි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ Kamoshida මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.

ඔක්තෝබර් 9

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙන යාමට හැකිවනු ඇති බව පැවසූ වතිකානු තානාපති උඩෙයිග්වේ හිමිපාණන් ඒ වෙනුවෙන් තමන් හදවතින්ම සුබ පතන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ජනතාව අපේක්ෂා කරන අයුරින්ම මනා සංවර්ධනයක් රට තුළ මේ වන විටත්  සිදු වෙමින් පවතින බවද සඳහන් කළේය. ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ දැක්ම සහ කැපවීම ඇගයිමට ලක් කළ තානාපතිවරයා එම සියලු ප්‍රයත්නයන් වෙනුවෙන් වතිකානයේ සහාය ලබා දෙන බව ද පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණු දුන් අතිශය අමිහිරි අත්දැකීමක් වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද මෙහිදී කණගාටුව ප්‍රකාශ කළ අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ඒ පිළිබඳ විනිවිදභාවයෙන් සහ විශ්වාසනීත්වයෙන් යුතුව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මුලපිරීම ද පැසසුමට ලක් කළේය.

වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම  වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන අඛණ්ඩ උත්සාහයට වතිකානයේ  පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද උඩෙයිග්වේ හිමිපාණන් සහතික විය.

ශ්‍රී ලංකාව සහ වතිකානය අතර පවතින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ශ්‍රී ලාංකේය ජාතියේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර  අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන්  එකඟ වූහ.

ඔක්තෝබර් 9

පසුගියදා පැවති ජනාධිපතිවරණයේ දී ලැබුණු ප්‍රතිඵලයෙන් පසු ණය පිරියම්කරණයට පැවති අවදානම පහත ගොස් ඇති බව ෆිච් රේටින්ස් පවසනවා.

එසේ අවදානම පහත ගොස් ඇත්තේ, ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ එකඟ වූ කොන්දේසි මත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟවීම හේතුවෙන් බවද සඳහන්.

රජය පවතින IMF ඉලක්ක අනුමත කර ඇති බවද ෆිච් රේටින්ස් පවසනවා.

ඔක්තෝබර් 9

ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත මෙහිදී පිළිගැන්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බව ද මෙහිදී ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කර සිටියා.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද ඇමරිකානු එක්සත් ජනපදය සහතික විය.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් එක්සත් ජනපදය මෙහිදී එකඟාව පළ කර තිබෙනවා.

එමෙන්ම පුනර්ජනනීය බල ශක්තිය, අපනයන කෘෂි කාර්මාන්තයක් ඇති කිරීම හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවලටද සහයෝගය දක්වන බව ඇමෙරිකානු එක්සත් ජනපදය සඳහන් කර සිටියා.

දැනට ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නාගරික පාසල් වලටද ඉදිරියේදී ලබාදීම සඳහා සහයෝගය දැක්වීමට ද කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් වැඩිදුරටත් කියා සිටියා.

ඔක්තෝබර් 8

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් පැවති ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතාමත් සාමකාමී ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිය ප්‍රසාදය පළ කරමින් ජනපති අනුර කුමාරට සුබ පැතුම් එක්කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන සබඳතාවය සිහිපත් කරමින් සමස්ත අමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක් කරමින් ජෝ බයිඩන් මේ බව පවසා තිබෙනවා.

“මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා ජනතාව තුළ වන කැපවීම ඉස්මතු කරනවා.”

අමෙරිකානු ජනාධිපති බයිඩන්ගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.

ලාංකික පුරවැසියන්ගේ ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය සඳහා අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ජෝ බයිඩන් විසින් අවධාරණය කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉස්මතු කරමින් ජනාධිපති අනුර ගේ නායකත්වය තුල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවද ජනාධිපති බයිඩන් සුභවාදී අදහස් පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ආර්ථික වර්ධනය, කලාපීය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මත දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා ජනපති අනුර කුමාර සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ස්ථාවර සහ සාධාරණ රටක් පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යොමුකළ සුබපැතුම් පණිවුඩයේ සඳහන්.

මෙම පණිවුඩය අමෙරිකානු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ලබන අතර, කලාපයට ප්‍රතිලාභ ගෙන දෙන සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන මුලපිරීම් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරට තුළම ඇති සූදානම ද පෙන්නුම් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වන්නේ.

ඔක්තෝබර් 8

ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබන සදුදා සිට ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ එහි පළමු අදියර ලෙස මෙවර මහකන්නය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට රුපියල් 15,000 ක දීමනාව ලබාදෙන බවයි.

එමෙන්ම එහි දෙවන අදියර ලෙස රුපියල් 10,000 ක දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඉන් අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය, මහවැලි කලාපය ඇතුලු‍ දිස්ත්‍රික්කවල ගොවිජනතාවට ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබාදීමට නියමිතයි.

ඒ සදහා රුපියල් බිලියන 02 ක් අදාළ දිස්ත්‍රික්කවලට ලබාදී තිබෙනවා.

මේ අතර ධීවර ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත ඉන්ධන සහනාධාර කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කළා.

ඔක්තෝබර් 8

ජනාධිපතිවරයා වෙත ලබා දුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගැලවුණ ද එම පිටු ගැලවුණේ කොහොමද යන්න විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසනවා.

අද (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉතිහාසයේ වුණ වැරදි නව පාලනය තුළ කිසිසේත්ම සිදු නොවන බවයි.

ඒමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි දැඩි තීන්දුව සිටින බවත් වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට කටයුතු කරන බවත් පසුගිය ආණ්ඩු වගේ මෙම සිද්ධිය යටගහන්න අතුරුදහන් කරන්න ඉඩ තියන්නේ නැති බව ඔහු මෙහිදී කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කල අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාවේ හිටපු නීති අධ්‍යක්ෂකවරයා මැදිහත් වී මෙම කටයුතු සඳහා උපදෙස් ලබා දී තිබු අතර අතර එම වාර්තාවේ කොටස් අඩු වුණේ කොහොමද, භාර දුන් ඒ්වායේ තිබුණ ද, ඉන් පසු ඒවාට කුමක් ද වුණේ මේ පරික්ෂණ කණ්ඩායම පරික්ෂණ සිදු කරන බවයි.

ඒ් සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට සිදු වන්නට ඉඩ තියන්නේ නැති බවත් එයට යම් කාලයක් යන බව ඔහු කියා සිටියා.

ඒමෙන්ම එම ක්‍රමවේදය අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කිරීම් සිදු කරලා තිබෙන අතර පරික්ෂන ආරම්භ කරලා තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියා.

ඔක්තෝබර් 8

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද (08) කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට තීරණය කල බවයි.

2024-09-09 දින සිට 2024-10-11 දින දක්වා ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යවරයා වන විජිත හේරත් ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය මෙලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔක්තෝබර් 8

නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වනු ඇති.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම අනුමත කර ගැනීමට නියමිතයි.

වැඩබලන පොලිස්පතිවරයා දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි.

ඔක්තෝබර් 8

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් හෙයින්, ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට නැවත බාරදෙන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

එමෙන්ම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙසද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී යනු ලබනවා.

ඔක්තෝබර් 8

The Country Director of the Asian Development Bank (ADB) Resident Mission in Sri Lanka, Takafumi Kadono, along with a delegation, met with President Anura Kumara Dissanayake today (07) at the Presidential Secretariat. The discussions focused on ADB’s ongoing commitment to support Sri Lanka’s economic and social development.

During the meeting, the ADB reaffirmed its dedication to continuing its projects in Sri Lanka, with particular emphasis on bolstering key sectors crucial to the nation’s recovery. Tourism was identified as a critical sector that holds immense potential for Sri Lanka’s economic growth. In this regard, the ADB assured further assistance in developing tourism infrastructure to harness the sector’s full potential.

President Dissanayake highlighted the importance of promoting tourism in the Northern Region, requesting ADB’s specific support to develop this area. The ADB delegation expressed its willingness to collaborate and provide resources for this initiative.

Beyond tourism, the ADB also expressed keen interest in aiding the development of Sri Lanka’s energy sector, small-scale entrepreneurs, and financial sector, emphasizing their role in fostering sustainable economic growth.

This continued collaboration between Sri Lanka and the ADB is expected to contribute significantly to the country’s long-term development and recovery efforts.

Mr. Takafumi Kadono, Country Director ADB, Ms. Cholpon Mambetova, Country Operations Head ADB, Ms. Hasitha Wickremasinghe, Senior Economics Officer, Mr. K.M. Mahinda Siriwardana, Secretary to the Treasury and Ministry of Finance, Economic Stabilization and National Policies, Mr. D.A.P. Abesekara, Director General Finance Ministry and Ms. Udeni Udugahapattuwa, Director Finance Ministry, were present at this event.

October 7

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අද (07) අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී මුදල් අමාත්‍යංශය ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලේන් ( David Sislen) අදාළ ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.

ඔක්තෝබර් 7

“එස් පාස් ” විශේෂ අවසර පත්‍රය  සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත් සමඟම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

වසර ගණනාවක් තිස්සේ දිනකට වාහන 150-200 ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් රුපියල් ලක්ෂ ගණනාව අලාභයක් සිදු වී ඇති අතර මේ වනවිට රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුවී ඇතැයි එම නිලධාරියා කිය.

අධිවේගී මාර්ගයේ නොමිලයේ ගමන් කළ හැකි අය ලෙස ජනාධිපති , අගමැති , මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණක්ම බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පි .එම්. සූරිය බණ්ඩාර මහතා විසින් ගැසට්ටුවේ සඳහන් පරිදි ලබාදුන් ලිඛිත නියෝග අනුව සියලුම මුදල් අයකැමීවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි එච් ගුණසිංහ මහතා ගෙන් අප කළ විමසීමකදී පැවසීය.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) Lankadeepa

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවය. 

ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබේ.

ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරන බව ඔහු පැවසුවේය. 

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන බව රජය මේ වන විට නිවේදනය කර ඇත.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසුවේ නව සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් පත් කිරීම නව අමාත‍්‍යවරුන්ගේ කාර්යභාරයක් බවය. 

ඔක්තෝබර් 7

The Swedish government focus on solving higher education opportunities and visa issues in Sweden

The Swedish government focused on developing renewable energy sector of Sri Lanka while increasing educational opportunities and mitigating the visa difficulties for Sri Lankan students in Sweden.

These opinions were expressed in a discussion held between the Prime Minister Dr.Harini Amarasuriya and the Swedish Ambassador to Sri Lanka Mr. Jan Thesleff at the Prime Minister’s Office recently.

Here, the Ambassador extended the best wishes of the Swedish Government on the appointment of Dr. Harini Amarasuriya as the new Prime Minister.

Swedish Ambassador Mr. Jan Thesleff mentioned that the investments of Swedish government have primarily focused on renewable energy sector of Sri Lanka and the attention of the Swedish government has been focused on the food security of Sri Lanka as well.

The Prime Minister has brought the issue of child nutrition to the attention of the Swedish Ambassador and emphasized that although Sri Lanka maintains high health indicators in the region, nutritional challenges still exist among school children.

At the same time Prime Minister Dr. Harini Amarasuriya brought to the attention of Swedish Ambassador Mr. Jan Theslef about the higher education opportunities of Sri Lankan students in Sweden and the visa related issues they have faced.

Secretary to the Prime Minister Mr. Pradeep Saputhanthri, Hon. Consul -General to Sweden in Sri Lanka Sanjay Sumantri Kulatunga, Director General of Europe and North American Division Mrs. Shobini K Gunasekara had taken part in this meeting.

October 7

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහට හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

ජනාධිපතිවරයෙකු ධූරය දරණ කාල සීමාව තුළ ඔහුට හෝ ඇයට එම ආරක්ෂාව සලසනු ලබන්නේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය මගින්. එහෙත් ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු එම ආරක්ෂාව හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයට පැවරෙනවා.

ඒ අනුව, මේ දක්වා හිටපු ජනාධිපතිවරු 07 දෙනෙකුට එවැනි ආරක්ෂක ඒකක 07 ක් පිහිටුවා අවශ්‍ය ආරක්ෂාව ලබාදී ඇති අතර, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් 08 වැනි ආරක්ෂක ඒකකය පිහිටුවීමටයි නියමිතව ඇත්තේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට මේ වන විට පළවන වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදීයි මෙම කරුණු හෙලි වුණේ.

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත කියා සිටියේ තනතුරින් ඉවත් වු වහාම එම තනතුරට අදාළ ආරක්ෂකයින් ඉවත් කිරීම සිදු නොකර අතර එය ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂාව ඉවත් කිරීම සාමන්‍ය දෙයක් බවයි.

ඔක්තෝබර් 7

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (07) සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.

මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට රුපියල් බිලියන 1,417ක් බදු වශයෙන් අය කරගෙන ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2023 – 2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවීම් කාලසීමාව සැප්තැම්බර් 30 වනදායි අවසන් වු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කලා.

යම් තැනැත්තෙක් බදු ගෙවීම පැහැර හරින්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහය පොලියකට යටත් වන බවත්, එම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවත් ඔවුන් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් හිඟ බදු පවතීනම් ඒ සියල්ල ඔක්තෝම්බර් මස 30 වනදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටියා.

ඔක්තෝබර් 7

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත් වුවත් එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

පසුගිය ජනාධිපතිවරණ‍යේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.

මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේවන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධ පරීක්ෂණය සිදු කළ යුතු වන්නේ පූර්ව නිගමනයකට එළඹ, එම නිගමනය සාර්ථක කර ගැනීම සඳහා සාක්ෂි එකතු කිරීමෙන් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විවෘත මනසකින් හා විවෘතභාවයකින් යුතුව මෙම සිදුවීම පිළිබඳව නිරවුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවද සඳහන් කර සිටියා.

දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් සිදු වීද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතින බවත්, දේශපාලන අරමුණක් වෙනුවෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි කළ හැකි නම් එය විශාල ඛේදවාචකයක් බව ඔහු කියා සිටියා.

මෙරට දේශපාලනය පවතින්නේ එවන් අන්තයක නම් පළමුවෙන්ම එම තත්ත්වය මුළිනුපුටා දැමිය යුතු බව ජනාධීපතිවරයා අවධාරණය කර සිටියා.

එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවාදැයි යන සැකයද සමාජයේ පවතින බවත් එවන් තත්ත්වයක් පවතින්නේ නම් අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්ත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව දෙවනුව මෙහිදී සිදු වූයේ කුමක්ද යන්න හෙළිදරවු කර ගැනීම වඩා වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

තෙවනුව ජීවිත 274කට ආසන්න පිරිසකගේ දිවි අහිමි කළ හා තවත් විශාල පිරිසකට තුවාළ සිදු කළ මෙම ඛේදවාචකයේ වින්දිතයන්ට තම ආදරණීයයන් කෙරෙහි තමන් තුළ පවතින ආදරය හා භක්තිය වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා පවසා සිටියා.

එසේම මෙවැනි ප්‍රහාරයක් හමුවේ සිදු විය හැකි විශාල සමාජ ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් පූජකතුමන්ලාගෙන් ඉටු වූ කාර්යභාරයට නැවත නැවතත් කෘතඥතාව පළ කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

සමාජය තුළ පැවති බැඳීම්, ලෙංගතුබව, විශ්වසනීයත්වය පළුඳු වී අනෙක් ජන කණ්ඩායම් කෙරෙහි ක්‍රෝධයෙන් හා සැකයෙන් බැලීමට සිදු වූවා නම් එය සමාජයේ යහපැවැත්මට විශාල තර්ජනයක් බවත්, සමාජය තුළ ඇති වූ එම තත්ත්වය හේතුවෙන්ද මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඔහු කියා සිටියා.

ගෙවී ගිය වසර 05 මුළුල්ලේ සෑම අප්‍රේල් 21 වනදාකම මහා මාර්ගයට හෝ මංසන්ධිවලට පැමිණි ජනතාව මුදා හැරියේ වසරක් පුරා ඔවුන්ගේ හදවත්වල පැවති යුක්තිය පිළිබඳ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.

ඔක්තෝබර් 6

ලෝක ගුරු දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත දැක් වේ.

2024 ඔක්තෝබර් පස්වැනි දිනට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන “Valuing teachers voices :towards a new social contracts for education “තේමාව කර ගනිමින් පවත්වනු ලබන ගුරු උපහාර උත්සවය වෙනුවෙන් මගේ හෘදයාංගම සුභපැතුම් එක් කරමි. අනාගත ලෝකය නිර්මාණය කරන ගුරුවරයා අගයමින් සිදුකරන මෙවැනි කටයුතු ප්‍රශංසනීය හා අගය කළයුතු බව කිව යුතුය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් අප යන මේ ගමනේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන පිරිස අතර ගුරු විදුහල්පතිවරු සුවිශේෂී වේ. ඒ අනාගත ලෝකය නිර්මාණය කිරීමට සජීවී දායකත්වය ලබා දෙන නිමැවුම්කරුවන් වන්නේ ඔවුන් බැවිණි. දැනුම ආකල්ප හා කුසලතා සපිරි සිසු දරු පරපුරක් අනාගතයට දායාද කරන ගුරු විදුහල්පතිවරුන් ඇගයීමට ලක්වෙනවා, මදි යැයි මට හැඟේ. ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට සංස්කෘතිය පවරා දෙමින් තමන් ඉටුකරනු මෙහෙවර සඳහා සැබවින්ම තෘප්තිමත් ගුරු භූමිකාවක අවශ්‍යතාවය පවතී.

මෙතෙක් ආ ගමන් මඟ දෙස හැරී බැලීමේ දී දෙලක්ෂ පනස්දහසකට ආසන්න ගුරු විදුහල්පතිවරු තම රාජකාරිය ඉටු කිරීමේදී අතෘප්තිකර කොන්දේසි යටතේ සේවය කළ බව අපට රහසක් නොවේ. අධ්‍යාපනයේ පීඩනය සහ ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබීම හේතුවෙන් ගුරු විදුහල්පතිවරු දැඩි ලෙස පීඩාවට පත් වී තිබේ. ඒ නිසාම ගුරු සේවය හැර යන පිරිස් ඉහළ ගොස් තිබූ අතර දක්ෂ නවකයින් ගුරුසේවයට ඇතුළත් වීමද ශීඝ්‍ර ලෙස පහළ යාමක් දක්නට ලැබුණි. මෙවැනි කඩා වැටීමක බලපෑමට ලක්වන්නේ සිසු දරුවන් හා සමස්ත අධ්‍යාපන පද්ධතියම බව නොරහසකි.

එබැවින් තෘප්තිමත් ගුරුවරයකු ගොඩනැගීම අපගේ ප්‍රමුඛ කාර්යභාරයයි. දිනකට සීමා වූ සැමරුම් උත්සවවලින් ඔබ්බට ගොස් ගුරුවරයාට ලබාදිය හැකි උපරිම ගෞරවය හා උපහාරය වන්නේ අධ්‍යාපන පද්ධතිය ගොඩ නගමින් දැනුමෙන් ආකල්පයෙන් කුසලතාවයෙන් පොහොසත් ගුරු වෘත්තිකයකු බිහි කිරීමත් ගුරුවරයාට ජීවන තත්ත්වය සමාජයේ ඉහළට ඔසවා තැබීමෙනුත් පමණකි. එබැවින් රටක් ලෙසත් අධ්‍යාපන ඇමතිවරිය ලෙසත් අග්‍රාමාත්‍යවරිය ලෙසත් අපගේ පාලන කාලය තුළ උපරිම කැපවීමෙන් එය ඉටු කරන බව, ලාංකීය ගුරු විදුහල්පතිවරුන්ට ප්‍රතිඥා දෙමි. නැවත වතාවක් ලෝක ගුරු දිනය සමරන ඔක්තෝබර් පස්වන (අද) දිනයේදීත් ශ්‍රී ලංකාවේ ගුරු දිනය සමරන ඔක්තෝබර් හයවෙනි දිනත් ලාංකීය ගුරු විදුහල්පතිවරුන්ට අපගේ රජයේ සුභාෂිංශනය පිරිනමමි.

ඔක්තෝබර් 6

මෑත කාලයේ දියුණු වු සෑම රටකම දියුණුවේ ප්‍රධානතම කාර්යභාරය ඉටු කර තිබෙන්නේ අධ්‍යාපනයයි.

එබැවින් අපේ රට ඉදිරියට ගෙන යමින් නව පුනරුදයක් ඇති කිරීමේ වැදගත්ම මෙවලම අධ්‍යාපනය බව අප රජය හඳුනාගෙන ඇත.

එහි නියමු කාර්යභාරය පැවරී ඇත්තේ ආදරණීය ගුරුවර ගුරුවරියන් වන ඔබ සැමටයි.

ඔබේ පාසලට පැමිණෙන දරුවා ලෝකයේ මහා දැනුමත් සමඟ සටන් කළ හැකි ආකාරයෙන් මුවහත් කිරීමේ හැකියාව ගුරුවරයාට තිබේ.

වෘත්තියෙන් මැනිය නොහැකි, වැටුපෙන් මැනිය නොහැකි මහා සෙනෙහසක් ගුරු වෘත්තීය හා බැඳී පවති. ගුරු මාතාව, ගුරු පියාණන් වශයෙන් ගෞරව ආමන්ත්‍රණය ලබන එකම වෘත්තිය ගුරු වෘත්තිය පමණි.

නමුත් ගුරුවර ගුරුවරියන් හටත් අනාගත බලාපොරොත්තු තිබේ. එම බලාපොරොත්තුද හැකි උපරිමයෙන් මල් ඵල ගන්වමින් ගුරුවරුන්ට කදුළු ගෑස් එල්ල නොකරන, පහර නොදෙන ආණ්ඩුවක් තුළ ගුරුවරයාගේ අභිමානය ඉහළට ඔසවා තැබීම අපේ අරමුණයි.

ජීවන ගමනේ මං පෙත් විවර කරමින් සුවහසක් දූ දරුවන්ගේ නැණැස පාදන්නට කැපවී සිටින ගුරු මා පියන්ට ලෝක ගුරු දිනය උපහාරයක්ම වේවා යි ප්‍රාර්ථනා කරමි !

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ඔක්තෝබර් 6

රටක ජීවනාලිය වන ශ්‍රම බලකායේ කොටස්කරුවෙකු වෙමින් මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී රජයේ සේවය ලබා දුන් දායකත්වය සිහිපත් කරන ගෞරවණීය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දිනය අදට යෙදී තිබේ. ‘ජාතික විශ්‍රාමික දිනය’ දශක ගණනාවක ඔවුන්ගේ මෙහෙවරට පිදෙන සංකේතාත්මක උපහාරයක් පමණි. ඔවුන්ගේ සැඳෑ ජීවිතය ආර්ථික හා සමාජයීය වශයෙන් සවි බල ගැන්වීම දියුණු ජාතියක් ලෙස ලබා දිය හැකි ඉහළම උපහාරය වන්නේය.

ආර්ථික හා සමාජයීය වශයෙන් ශක්තිමත් පුරවැසියකු පමණක් නොව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ වෙත සෞඛ්‍ය සම්පන්න,අධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ, දියුණු සංස්කෘතික පුරවැසියකු ලෙස ජීවත්වීම සඳහා පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ගොඩනැගීම අපගේ අරමුණයි.

ආරක්ෂිත සමාජයක් සහ සුපෝෂිත ජාතියක් දැක්ම කරගත් නව රජයේ ප්‍රතිපත්තීන් තුළ ජාතික විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තීන් තිරසරව හා අඛණ්ඩව පවත්වා ගනිමින් විධිමත් හා අවිධිමත් අංශයන්හි දායකත්වය සහිතව සැමට විශ්‍රාම වැටුපක් ලබා දීමේ පුළුල් ප්‍රතිපත්තියක් පවත්නා ආයතනික රාමුව තුළ සකස් කර ක්‍රියාත්මක කිරීම අනාගතයේ දී සිදුවනු ඇත.
මේ වන විට සිය මෙහෙවර නිම කළ සක්‍රීය විශ්‍රාමිකයන්ගේ සාමුහිකය 720,000 ඉක්මවා ගොසිනි. 2024 වසරේ දී රජය විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 434කට අධික මුදලක් ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇත.

මෙරට සෑම පුරවැසියක්ගේම සැඳෑ ජීවිතය අධ්‍යාත්මික, සමාජයීය, ආර්ථික යන සෑම අංශයකින්ම දියුණුවට පත් කිරීම අපගේ අරමුණයි. එම අරමුණ පෙරදැරිව සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක් හිමිවන පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමේ දී ඔබ ද එහි කොටස්කරුවන් වනු නොඅනුමානය.

රාජ්‍ය සේවයේ වසර ගණනාවක අත්දැකීම්, පරිචය සහ ජීවිත කාලය පුරාම වැඩි දියුණු කරගත් යහපත් ආකල්ප, රටේ මතු පරපුර වෙනුවෙන් දායාද කරමින් තව දුරටත් සක්‍රීය පුරවැසියකු ලෙස සමාජ ප්‍රගමණයට ඔබ දායකවනු දැකීම අපගේ අභිලාෂයයි.

ඔබ සැමට නිදහස් නිවහල් සුවබර විශ්‍රාම දිවියක් පතමි.

ඔක්තෝබර් 6

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර ජය ශ්‍රී මහා බෝ මළුවේ ප්‍රධාන ධර්ම ශාලාවේදී අටමස්ථානාධිපති හිමියන්, ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක හිමි, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කහල්ලේ ඥානින්ද හිමි, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමි, අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය කලංචියේ රතනසිරි හිමි, ඓතිහාසික ඉසුරුමුණි රාජමහා විහාරාධිපති පූජ්‍ය මතව සුමංගල හිමි, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියහ.

මෙහිදී කෙටි අනුශාසනාවක් සිදු කළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ රට, ජාතිය, ආගම සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කර මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වගකීම ජනාධිපතිවරයාගේ දෙවුර මත පැටවී තිබෙන බවයි.

එසේම රජ රටින් බිහි වූ රාජ්‍ය නායකයා ලෙස එම පළාතේ දුක් විඳින ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අත්හළ නොහැකි වගකීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

එම කටයුතු සාර්ථකව ඉටු කිරීමට මහා විහාරයේ භික්ෂුන් වහන්සේ ලෙස ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කරන බව අටමස්ථානාධිපති හිමියන් සඳහන් කළහ.

එමෙන්ම මෙරට පවතින දේශපාලන මඩ ගොහොරුව සිහි බුද්ධිය ඇති ප්‍රඤ්ඥාසම්පන්න අයෙකුට

හැසිරීමට සුදුසු භූමියක් නොවන බවද සඳහන් කළ උන්වහන්සේ යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කිරීමට නව ජනාධිපතිවරයාට හැකිවනු ඇතැයි මහා සංඝරත්නය විශ්වාස කරන බවද සඳහන් කළහ.

රටට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, නව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගනිමින් යහපත් දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළහැකි නම් එය ඉතා වටිනා කාර්යයක් බවත් අටමස්ථානාධිපති හිමියන් පෙන්වා දුන්හ.

අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක්වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ උප සභාපති සුසන්ත නවරත්න, මහාචාර්ය සේන නානායක්කාර යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවන්ට සහභාගි වූහ.

ඔක්තෝබර් 6

ජනාධිපතිවරණයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධ මත පල කළ වත්මන් ආණ්ඩුවේ කණ්ඩායම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන වෙනස් නොකිරීමට එකඟ වී ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අද (05) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ණය තිරසරකරණය වෙනස් කිරීමට වසර එකහමාරක් තුළ උත්සාහ කරන බව පැවසූ ජාතික ජන බලවේගය දින එක
හමාරක්වත් සාකච්ඡා නොකර සියලු‍ දේට එකඟ වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය ලෙස පසුගිය වසරේ මාර්තු මස 21 වැනිදා අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලකුත්, දෙසැම්බර් මස 14 වැනිදා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් ලබාදෙනු ලැබුවා.

එහි තුන්වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදලක් මෙරටට ලබාදුන් අතර, සිවු වැනි වාරිකයට අදාළ වන තෙවැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා ඊයේ අවසන් වුණා.

ඔක්තෝබර් 5

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ප්‍රමාදයකින් තොරව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

කෙසේ වෙතත් මෙරට ආර්ථික වර්ධනය ඉදිරියේදීත් අභියෝගාත්මක වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය ලෙස පසුගිය වසරේ මාර්තු මස 21 වැනිදා අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලකුත්, දෙසැම්බර් මස 14 වැනිදා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් ලබාදෙනු ලැබුවා.

එහි තෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදලක් මෙරටට ලබාදුන් අතර සිවු වැනි වාරිකයට අදාළ වන තෙවැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා ඊයේ අවසන් වුණා.

ඒ සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දෙදිනක් පුරා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ නව රජයේ ආර්ථික කමිටුව ද මුණගැසී සාකච්ඡා කළා.

එම සාකච්ඡා අවසන් වීමෙන් පසු එම අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් සමග ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත් 2022 දී ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ වර්ධනය කිරීම උදෙසා එකඟතාවකට පැමිණි බවත් එම නිවේදනයේ සඳහන්.

ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් දිගටම කරගෙන යාමට බලධාරීන්ගේ කැපවීම දිරිමත් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහය දැක්වීමේ ස්ථීර හවුල්කරුවෙකු වශයෙන් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීමට සහාය වීමට සූදානම් බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය පැැවැත්වීමේ කාලවකවානු නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීපව කටයුතු කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සිය නිවේදනය මගින් දක්වා තිබෙනවා.

ඔක්තෝබර් 5

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී ජනාධිපතිරයා වැඩිදුරටත් සඳහන් කළේ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත කරගතයුතු බවයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

මෙම අවස්ථාවට වැඩම කර සිටි අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය අතර මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළා.

මෙහිදී මහනාහිමිවරුන් වෙත සිය අදහස් පළකළ ජනාධිපතිවරයා,

රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච විදිහටත්… ඒ වගේම ඔබතුමාලා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශවලට අනුකූලවත්.. මේ රට වෙනුවෙන් උදාර කාර්යභාරයක් සිද්ධවෙයි කියන බලාපොරොත්තුවක් දෙනෝදාහක් ජනතාව තුළ පවතිනවා.. ගරුතර මහා සංඝරත්නය තුළ පවතිනවා..

අපි හැමදාම බලපොරොත්තු වෙච්ච දෙයක් තමයි තානාපතිවරු පත් කරන කොට දැනඋගත් ඒ රටවල්වලට ගැලපෙන උගත් පිරිසක් පත් කර ගන්න.. ආණ්ඩුකාරවරුන් පත් කරන කොට දේශපාලනය හිතන්නේ නැතිව වැඩක් කරන්න පුළුවන් පිරිසක් ඒ ප්‍රදේශවලට පත් කිරීම.. ඊළඟට ඉතින් මාත්‍යාංශවල ලේකම්වරු පත් කරනකොට ඒවට ගැලපෙන සුදුසු අය පත් කිරීම.. ඒකම තමයි අපි කලිනුත් ඉල්ලුවේ..

කොහොමත් අපි මැතිවරණයෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පදනම්ව තමයි වැඩකරන්න සූදානම් වෙන්නේ.. මහ මැතිවරණයෙන් පසුව තමයි ටිකක් වැඩිපුර ඒ පැත්තට ගැඹුරටම සංස්කරණ ගණනාවක් ගැන අපි කල්පනා කරලා තියෙනවා.. වෙනස් විය යුතු තැන් ගැන.. ඒකට අපිට යම් කාලයක් අවශ්‍ය වෙනවා නායක හාමුදුරුවනේ..”

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අමරපුර මහා නිකායේ ලේකම් මණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලාද එම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

මෙහිදී මහනායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ,

“ඔබතුමා අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවාද..?” ලෙසයි.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,

“අපේ රටේ දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය වුණා.. ඒකෙන් අවස්ථා තුනක් හැර 17,19,21 කියන සංශෝධන තුන හැර අනිත් ඔක්කොම සංශෝධනයවෙලා තිබෙන්නේ ඒ වෙලාවේ බලයේ හිටපු දේශපාලන ව්‍යාපාරයේ වුවමනාවට..

ව්‍යවස්ථාවේ යම් පැටලැවිලි තැන් ජනතාවගේ අයිතිවාසිකම් තරමට පුළුල් විය යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවත් රටේ අනිවාර්යයෙන් ජනතාවගේ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතුයි..

දැන් අපේ රටේ මෙතෙක් හැදුණු කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මත වුණේ නැහැ.. නමුත් අපි හිතන්නේ අපේ රටේ ජනතාවගේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

ඒ ජනතාව ඒ නීතියට එකඟද නැද්ද කියලා විමසන්න ඕනකම තියෙනවා.. ඒ නිසා අපි හදන ව්‍යවස්ථාව ජනමත විචාරණයට ලක් කරලා සම්මත කරගැනීම තමයි අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව..

ඔබවහන්සේට මතක ඇති මේ 22 වැනිදා විශාල කලබල ඇති වෙනවා, ලේ වැගිරීම් ඇති වෙනවා, පෙරහැර නතර කරනවා, අනිත් පාර්ශ්විකයින්ගේ ගෙවල්වලට ගිහිල්ලා කරදර කරනවා වගේ ඒවා කිව්වා. ලංකාවේ පළමුවැනි වතාවට මැතිවරණයකින් පසුව තිබුණ සාමකාමීම තත්ත්වයක් අපි නිර්මාණය කළා…”

ඔක්තෝබර් 5

මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සාකච්ඡාවේදි මෙරට බලශක්තිය ,ඩිජිටල් යටිතල පහසුකම් සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක්ය ටතේ ගෙවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක්, ප්‍රදාන බවට පරිවර්තනය කිරීමේ හැකියාවද
ජෙයිශංකර් පෙන්වා දුන් බවයි.

ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශන්කර් ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වමින් පවසා ඇත්තේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවයි.

එම සාකච්ඡා පිළිබඳව ඉන්දීය විදේශ කටයතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙරට විදේශ අමාත්‍යවරයා සමග ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවැත්වූ සාකච්ඡාවලදී ඉන්දියාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය රජය නව රජය සමග මිත්‍රශීලිව කටයුතු කරන බව දැනුම් දී ඇති බවයි.

අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමටත් ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව එම නිවේදනයේ සඳහන්.

මේ වන විට නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කිරීමේ හැකියාවද එහිදී පෙන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ද ඉන්දියාව තීරණය කර ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

එමෙන්ම ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සාකච්ඡාවේදි බලශක්ති නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම, ආගමික ස්ථානවල සූර්ය විදුලිය, සෞඛ්‍ය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍ර මෙන්ම ඩිජිටල් පොදු යටිතල පහසුකම්පි ළිබඳවද අඛණ්ඩ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට සහ ජනතා අපේක්ෂාවන් සපුරාලීමට ඉන්දියාවේ ආර්ථික සහය ඉතා වැදගත් බව මෙරට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එම නිවේදනයේ සඳහන්.

ජනවාර්ගික ගැටළුව සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, ස්වෛරීත්වය පවත්වා ගනිමින් දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අභිලාශයන් සඳහා ඉන්දියාවේ සහය ලබාදෙන බව අවධාරණය කර තිබෙනවා.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම ඒ සඳහා පහසුවක් වනු ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ .

කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අවශ්‍යතා සමීපව බද්ධ වී ඇති බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා භූමිය කිසි විටකත් ඉන්දීයාවේ ආරක්ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔක්තෝබර් 5

Following the appointment as the new President, the Chiefs of Defence Forces paid a traditional courtesy call on President Anura Kumara Dissanayake yesterday (04) at the Presidential Secretariat.

Accordingly, Chief of Defence Staff General Shavendra Silva, Army Commander Lieutenant General Vikum Liyanage, Air Force Commander Air Marshal Udeni Rajapaksa and Navy Commander Vice Admiral Priyantha Perera met with the President and engaged in a cordial conversation.

To mark the occasion, commemorative tokens were also presented.

ඔක්තෝබර් 5

රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කල ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ සිය ධුරයෙන් ඉවත්ව තිබෙනවා.

ඔහු ඊයේ (04) දින විශ්‍රාම යන බව දැනුම් දී තිබෙනවා.

එම තනතුර සඳහා නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත එම තනතුරට තාවකාලිකව
පත්කර තිබෙනවා.

අදාළ පත්වීම ස්ථීර කරගැනීම සඳහා පොලිස් කොමිසමේ නිර්දේශ ලබාගැනීමට යවා තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත ලබන සඳුදා වැඩ බාරගැනීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ හට පසුගිය කාලයේදීම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා රැසක්ම එල්ල විය.

ඔක්තෝබර් 5

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්‍රමුඛ සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් විය.

තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටක මෙරට නියෝජනයට ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහගත පුද්ගලයන් පත් කරන ලෙසත් මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

එසේම අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කිරීමේදී ද ඊට ගැළපෙන පිරිස් පත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සියලු තීන්දු තීරණ ගැනීම තම අරමුණ බව මෙහිදී පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඊට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර සිටියා.

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම කෙරෙහි රටේ ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීමට මහා සංඝරත්නයේ ආශීර්වාදය ජනාධිපතිවරයා වෙත හිමි වන බව ද අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

ඔක්තෝබර් 5

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මේ බව පැවසුවේ ඊයේ (04) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය හමු වු අවස්ථාවේදිය.

මෙහිදී නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනී අමරසූරිය පත්වීම පිළිබඳව තානාපතිවරයා ස්වීඩන් රජයේ සුභ පැතුම් එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ස්වීඩන් රජයේ අවධානය යොමු වී බව මෙහිදී ස්වීඩන් තානාපතිවරයා කියා සිටියා.

එමෙන්ම ළමා පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ස්වීඩන් තානාපතිවරයාගේ අවධානයට යොමු කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන ගියද, පාසල් සිසුන් අතර පෝෂණ අභියෝග තවමත් පවතින බව අවධාරණය කර තිබෙනවා.

ඔක්තෝබර් 4

Ambassadors from various countries have extended their congratulations to Dr. Harini Amarasuriya on her appointment as the new Prime Minister on October 2, 2024, at the Prime Minister’s Office. The Ambassadors and High Commissioners of India, Japan, Britain, the United States, Korea, Bangladesh, and the Maldives were among those who offered their best wishes.

The High Commissioner of India and the Prime Minister participated in Gandhi Jayanthi celebrations, paying floral tributes to the Mahatma Gandhi statue at the Prime Minister’s Office. Following the tribute, the High Commissioner and the Prime Minister held a brief discussion, focusing on strengthening diplomatic relations between the two countries. They also explored entering into Memorandums of Understanding (MOUs) for future development projects.

Meanwhile, H.E. Mizukoshi Hideaki, Ambassador of Japan, extended her greetings to Prime Minister Dr. Harini Amarasuriya. Their discussions highlighted Sri Lanka’s recent peaceful election and smooth transition of power, and the conversation centered on further strengthening diplomatic ties between Japan and Sri Lanka. They also reviewed the ongoing digitization of Terrestrial Television Broadcasting (DTTB), a project funded by a Japanese loan. Discussions included the resumption of stalled projects supported by Japanese grants and loans, emphasizing the need for transparency in these initiatives to foster investor confidence.

British High Commissioner Andrew Patrick also greeted Prime Minister Dr. Harini Amarasuriya and stressed the importance of maintaining national stability and strengthening the relationship between Sri Lanka and the United Kingdom. He reaffirmed Britain’s support for various educational programs in Sri Lanka, including teacher training initiatives. Prime Minister Amarasuriya emphasized the importance of strengthening key institutions and streamlining procedures to advance educational development. Preparations for the upcoming Commonwealth Heads of Government Meeting (CHOGM) were also discussed.

The Ambassador of the United States to Sri Lanka, Ms. Julie Chung, commended Sri Lanka for conducting a peaceful and democratic election and ensuring a smooth transition of power. In extending her warm congratulations, the Ambassador reaffirmed the United States’ strong commitment to deepening the partnership between the two countries. Their discussion focused on education, women’s empowerment, children’s health, multilingual development programs for native speakers, and addressing domestic and gender-based violence. They also emphasized the importance of establishing economic transparency and accountability in Sri Lanka to attract investment and streamline tax collection systems to improve efficiency.

The Ambassador of the Republic of Korea, Ms. Miyon Lee, extended her greetings to Prime Minister Dr. Harini Amarasuriya and discussed enhancing cooperation between the two countries. They emphasized the need for creating a more investor-friendly environment in Sri Lanka, focusing on implementing a single-window process, simplifying procedures, ensuring transparency, and fostering a healthier investment climate.

Andalib Elias, the High Commissioner of Bangladesh to Sri Lanka, also extended warm congratulations to Prime Minister Dr. Amarasuriya. Their meeting primarily focused on current situations in both countries and valuable lessons learned from recent events. Prime Minister Dr. Amarasuriya highlighted the importance of drawing on past experiences to address present challenges and stressed the role of an independent commission as a cornerstone of good governance.

H.E. Masood Imad, the High Commissioner of the Maldives to Sri Lanka, extended his congratulations to Prime Minister Dr. Harini Amarasuriya. He addressed visa challenges faced by Maldivian citizens and expressed a desire to expand employment opportunities for Sri Lankans in the Maldives. In response, Prime Minister Dr. Amarasuriya expressed her gratitude for the Maldives’ consistent support.

The Secretary to the Prime Minister, Mr. Pradeep Saputhanthri, and high-level officials representing India, Japan, Britain, the United States, Korea, Bangladesh, and the Maldives participated in these events.

ඔක්තෝබර් 4

Prime Minister and Minister of Trade, Commerce, Food Security, Cooperative Development, Industry and Entrepreneurship Development, Dr. Harini Amarasuriya says that a this is an excellent moment to initiate the economic development plan of the country.

It is the expectation of the new government to work according to a streamlined plan. The Prime Minister mentioned this in a special discussion held today (03-10-2024) with the officials of the Ministry of Trade, Commerce, Food Security, Cooperative Development, Industry and Entrepreneurship Development in the Auditorium of the Industry and Entrepreneurship Development Division regarding the future activities of the Ministry.

During this discussion, the officials of the Ministry and the affiliated institutions under the purview of the Ministry, briefed the Prime Minister regarding the current situation of the institutions and their functioning and the problems that have arisen within the institutions. Prime Minister had a lengthy discussion with the officials of the ministry regarding the matters such as the development of international trade, food security, transparency in the price of essential goods, the quality of consumer goods imported to Sri Lanka, the quality and standard of export goods, providing loans for the projects of entrepreneurs, continuous supply of raw materials needed by industries, restructuring of public enterprises. At this discussion, Prime Minister Dr. Harini Amarasuriya, who inquired about each institution operating under the ministry, instructed the officials to provide prompt solutions to the problems identified in the institutions. Attention was also focused on the need to establish a separate authority on food security in Sri Lanka and on introducing laws for ensuring food safety.

Speaking further, Dr. Harini Amarasuriya said that in order to make the utmost use of the opportunity for economic development, we should act collectively and according to a streamlined plan. The Prime Minister also emphasized the need to maintain good coordination between the institutions.

A group including Secretary to the Prime Minister Pradeep Saputhanthri, Secretary to the Ministry of Industry M.M. Nayeemudeen, Prime Minister’s Coordinating Officer Tharindu Wanigasuriya and Chathuranga Abeysinghe, all additional secretaries of the ministry, Director Generals of institutions under the purview of the ministry, high ranking government officials, and industrialists participated in this discussion.

ඔක්තෝබර් 4

එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (04) ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.

ඔක්තෝබර් 4

IMF නියෝජිතයින් සමග පැව්ති සාකච්ඡා සාර්ථක බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ප්‍රතිපත්තිමය ගිවිසුමේ නියමයන් සංසන්දනාත්මක මූලධර්මයන්ට අනුකූලවන බවට මෙරට නිල ණය කමිටුව වෙතින් විධිමත් තහවුරු කිරීමක් සිදුකර ඇතිබව මුදල් අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින් දැක්වෙනවා,

ඔක්තෝබර් 4

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජයශංකර් මහතා පවසන්නේ, ඉන්දීය ජනාධිපතිනි ද්‍රව්පදි මුර්මු ගේ සුභාශිංසන ද ශ්‍රී ලංකා ජනපතිවරයාට යොමුකළ බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාවය තවත් වර්ධනය කරගන්නා අයුරු සහ ඉන්දීය ශ්‍රී ලංකා බැඳීම දෙරටෙහි ජනතාවගේ සහ කලාපයේ උන්නතිය වෙනුවෙන් යොදාගත හැකි අයුරු එහිදී සාකච්ඡා කළ බව සඳහන් ය.

මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ රටවල් දෙක අතර ක්ෂේත්‍ර කිහිපයක සහයෝගය වර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනපති අනුර සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර අදහස් හුවමාරුකර ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා ඉන්දියාවේ සහාය ඔහු විසින් නැවතත් සහවුරු කර තිබේ.

එසේම දෙපාර්ශ්වයට වැදගත් අංශ සම්බන්ධයෙන් එකතුව කටයුතු කළ යුතු බවටද නායකයින් දෙදෙනා එකඟවී තිබුණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (04) උදෑසන දිවයිනට පැමිණියේය.

ඒ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෙරට නිල සංචාරයක නිරත වන පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා වන්නේ ද අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් 8 දෙනෙකු ද මෙම සංචාරය සඳහා එක්ව සිටින බව සඳහන්ය.

ඔක්තෝබර් 4

නෝර්විජියානු සාම නියෝජිතවරයකුවන එරික් සොල්හයිම් සිය ගිණුමේ සටහනක් තබමින් නව ජනපති අනුර කුමාර දිසානායක පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

එම පණිවිඩයේ දැක්වෙන්නේ, නව ජනපති අනුර කුමාර ගත වූ සති දෙකක කාලය තුල වැඩකටයුතු හොඳින් සිදුකරගෙන යන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබාදිය යුතු බවයි.

සොල්හයිම් විසින් පළකර තිබූ සටහනේ සිංහල පරිවර්ථනය පහතින් දැක්වෙනවා,

ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය දිය යුතුයි…

ශ්‍රී ලංකාව අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස තේරී පත්වී සති දෙකයි. ඔහු කාලය හොඳින් භාවිතා කර ඇත.

* ඔහුට රාජ්‍ය තාන්ත්‍රිකභාවය හරියටම ලැබුණා. ප්‍රථමයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී, පසුව චීන තානාපතිවරයා හමුවී, ශ්‍රී ලංකාවට ඉන්දියාව වඩාත්ම වැදගත් බව හඟවමින්, ඊළඟට චීනය පැමිණේ. පසුව ඔහු බටහිර, රුසියාව සහ තවත් සෑම තැනකම තානාපතිවරුන් හමු විය. මෙය “පළමුව ශ්‍රී ලංකාව” විදේශ ප්‍රතිපත්තියක පැහැදිලි සංඥාවකි.

* දිවුරුම් දුන් වහාම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඩම කළ උන්වහන්සේ මහනායක හිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගත්හ. පසුව ඔහු දෙමළ සහ මුස්ලිම් දේශපාලන හා ආගමික නායකයන් හමුවිය. සියලුම වාර්ගික ප්‍රජාවන් සඳහා ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම පිළිබඳ ඔහුගේ අවධාරනය ප්‍රබල ය.

* සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කළ හැක්කේ ව්‍යාපාර සමඟ සමීපව කටයුතු කිරීමෙන් පමණක් බවත්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ දුප්පතුන්ගේ අවස්ථා වැඩිදියුණු කිරීමට අවශ්‍ය සම්පත් ගෙන ඒමට හැකි බවත් ඔහු ව්‍යාපාරික ප්‍රජාව වෙත යොමු කර ඇත.

* ඔහු රාජ්‍ය බලයට දූෂිත නොවන හරයක් ගෙන එයි. ඇමතිවරුන්ට සුඛෝපභෝගී මෝටර් රථ දීමනා අඩු කිරීමෙන් ඔහු නායකයින්ට වඩා නිහතමානී ජීවන රටාවක් ඇඟවුම් කරයි.

* කාකි ඇඳුමෙන් සැරසී සිටින ඔහු මිනිසුන්ට සමීප නායකත්වයක් පෙන්නුම් කරයි.

මේ කිසිවකින් ලංකාවේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැත. එය රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර වාමාංශික නායකයෙකුට ඇති සියලු සැක සංකා දුරු නොකරනු ඇත. නමුත් එය හොඳ ආරම්භයක් බව සහතිකයි. සෑම කෙනෙකුම දැන් තම අත් දෙක රෝල් කර සාමකාමී, බහු වාර්ගික, හරිත හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ඔහුට උදව් කළ යුතුය.

ඔක්තෝබර් 4

කොළඹ කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේ දී ආරක්‍ෂක හේතූන් මත වසා තැබීමට කටයුතු කරනු ලැබීය.

වසර 19කට පසු මෙම මාර්ගය ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි ඊයේ (04) දින මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන ලදි.

දැනට එම මාර්ගයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් එක් දිශාවකට පමණක් වාහන ධාවනය සිදුකෙරෙන අතර , එම කටයුතු අවසන් වූ වහාම අනෙක් පසට දිවෙන කොටස ද විවෘත කෙරෙනු ඇත.

ඔක්තෝබර් 4

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු ඇත. 

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආසියා ශාන්තිකර කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සහ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ, අග්නිදිග ආසියා සහ මධ්‍යම ආර්ථික කටයුතු (ද්විපාර්ශ්වික) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම් පෙරේරා යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

ඔක්තෝබර් 4

මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (04) සිය සංචාරය නිම කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබේ.

IMFහි ආසියා – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් එම නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ඔහු පවසන්නේ, “අපි ජනාධිපති දිසානායක සහ ශ්‍රී ලංකා ආර්ථික කණ්ඩායම සමග ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණදී තිබෙන ආර්ථික සහ මූල්‍ය අභියෝග සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාව 2022දී මුහුණදුන් දරුණු ආර්ථික ආර්බුදයෙන් අනතුරුව අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම සම්බන්ධයෙන් අපි එකඟ වුණා.”   

“ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් බලධාරීන්ගේ කැපවීම අපව දිරිමත් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහාය දැක්වීමේ ස්ථීර හවුල්කරුවෙකු වන අතර රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීමට සහායවීමට සූදානමින් සිටියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යයි.”

ඔක්තෝබර් 4

ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව එම ගිනිඅවි සහ උණ්ඩ නොවැම්බර් 7 වන දාට පෙර නැවත භාරදිය යුතු වේ.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, එම පුද්ගලයින්ට ගිනිඅවි සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව නැවත ලබාදීමට නියමිත බවය.

ඔක්තෝබර් 4

ජනපති අනුරට මෝදිගෙන් ආරාධනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පහසු දිනයක ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබේ.

ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් සිදුකර ඇත.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පහසු දිනයකදී මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මේ අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියව හමුවී තිබේ.

සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා කර පවත්වා ඇත. 

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් අද (04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ජයශංකර් මහතාය.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාව ද හමුවුණි.

එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීය. 

ජනාධිපති අනුර දිසානායක හමුවීමෙන් අනතුරු ජයිශංකර් මහතා X පණිවිඩයක් තබමින් පවසා සිටියේ, ඉන්දු –  ශ්‍රී ලංකා සබඳතා සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම අගය කරන බවය.

එමෙන්ම දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳව නායකයින් දෙපොළ මෙහිදී සාකච්ඡා කර තිබේ. 

ඔක්තෝබර් 4

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පෝෂණය කිරීම සහ ව්‍යවස්ථාදායක ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු සේවා සඳහා වන පකිස්ථානු ආයතනය (Pakistan Institute for Parliamentary Services – PIPS) අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම පසුගියදා (19) පාර්ලිමේන්තුවේ දී සිදුවිය.

ඒ අනුව, පාර්ලිමේන්තු සේවා සඳහා වන පාකිස්ථාන ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අත්සන් තැබීය. මෙම අවස්ථාවට පාකිස්ථානයේ නියෝජ්‍ය මහ කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි මහතා සහ පාර්ලිමේන්තුවේ ප්‍රධාන සන්ධාන නිලධාරී අමා විතානගේ මහත්මියද එක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර දැනුම බෙදාගැනීමේ ක්‍රියාකාරකම් තුළින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යවස්ථාදායක භාවිතයන් ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වේ.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ ව තමා සතුටට පත් වන බවත්, ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය සජීවී සහ ක්‍රියාකාරී හවුල්කාරිත්වයක් බවට පත් කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය. මේ අතර, මේ තුළින් දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන අතර පවතින සමීප සහයෝගිතාවය වර්ධනය වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු අවස්ථා ලබාදීමේදී මෙම අවබෝධතා ගිවිසුම ප්‍රයෝජනවත් වනු ඇති බවත් හොඳම භාවිතයන් ඉගෙන ගැනීමටත් වටිනා විශේෂඥ දැනුම ලබා ගැනීම තුලින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සහය දැක්වීමට එමඟින් ඔවුන්ට හැකි වනු ඇති බවත් පැවසුවාය.

මෙයට අමතරව මෙම සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය හා එහි ක්‍රියාවලිය පිළිබඳව ද  අවධානය යොමුවිය.

ඔක්තෝබර් 4

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් (Dr. Peter Breuer) යන මහත්වරු ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ IMF සාකච්ඡා සඳහා පත් කෙරුණු මෙරට නියෝජිත කණ්ඩායම ඊට එක්ව සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණයි.

ඔක්තෝබර් 4

නිල සංචාරයක් සඳහා මෙරටට පැමීණ සිටින ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (04) විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවිය.

අභිනව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා මොහු වනවා.

ඔක්තෝබර් 4

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය.

ජයශංකර් මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකුද පැමිණ සිටියහ.

ඔවුන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක වෙත පැමිණ තිබුණි.

ජයශංකර් මහතා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව ඇත.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා කිරිමට නියමිත බවද සඳහන් ය.

ජයශංකර් මහතා ඇතුළු පිරිස සිය එක්දින නිල සංචාරය නිමකර හෙට (5) පස්වරුවේ යළි නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ඔක්තෝබර් 4

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූවාය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා දැනට ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට කරගෙන යාම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර ඉදිරි සහායෝගීතා වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සිය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ඇති උනන්දුව පිළිබඳව නිත්‍ය නේවාසික නියෝජිතවරිය මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව දැනුවත් කළාය.

දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා නව රජයේ ප්‍රයත්නයන් මෙහිදී ඇගයීමට ලක් කළ අසූසා කුබෝටා මහත්මිය රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා කඩිනමින් ඩිජිටල්කරණයට යොමුවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය.

මෙම ප්‍රතිසංස්කරණ මනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ අවශ්‍යතාවයද පැහැදිළි කළ කුබෝටා මහත්මිය ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ මුලපිරීම් ඉදිරියට ගෙන යාමට සහ ඩිජිටල්කරණයට අනුවර්තනය වීමට අවශ්‍ය නිපුණතාවලින් සහ දැනුමෙන් රාජ්‍ය නිලධාරීන් සන්නද්ධ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදිමට සූදානම් බවද ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වූවාය.

ඔක්තෝබර් 4

පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදාවකම පෙරවරු 9 සිට පස්වරු 02 දක්වා ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

අංක 140, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02 යන ලිපිනයෙහි පිහිටි නව පොලිස් මූලස්ථානයේදී පොලිස් මහජන සහන මැදිරිය ක්‍රියාත්මකයි.

පොලිස් ස්ථාන සහ විමර්ශන අංශ මගින් තම පැමිණිලි වෙත අපේක්ෂිත සහනයක් නොලැබුණු පුද්ගලයින්ට පොලිස් මහජන සහන මැදිරිය හරහා පොලිස්පතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

ඔක්තෝබර් 4

ඔක්තෝබර් 4

ඔක්තෝබර් 3

ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුක් කර තිබෙනවා.

ගැසට් නිවේදනයට අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බව සඳහන්.

මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අහෝසි කර තිබූ අතර පසුව යළිත් 2015 වසරේ ජනවාරි පළමු වැනිදා සිට එය ක්‍රියාක්මක කෙරුණා.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් 2015 ජනවාරි පළමු වනදා සිට මාසික විශ්‍රාම වැටුප හිමි වුණා.

මහ බැංකු අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් සියයට 74කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා ලබා ගැනීමට එමගින් හිමිකම් ලබාදී තිබෙනවා.

නව ගැසට් නිවේදනයට අනුව මින් පසු කිසිදු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් හිමිවන්නේ නැහැ.

එම නිවේදනය මෙතැනින්

ඔක්තෝබර් 3

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති කාර්යාලයේදී අද (03) හමුවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 -2024 වසර වලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

ඔක්තෝබර් 3

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. ආලෝක බණ්ඩාර පත් කර තිබෙනවා.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහු වෙත භර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්තෝබර් 3

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

කුඩා වතු හිමියන් ඉලක්ක කර ක්‍රියාත්මක ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අර්බුදයට මුහුණ දීම සඳහා සැලසුම් කර ඇති පාසල් ආහාර වැඩසටහන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI), පශු සම්පත් සහ දේශගුණික මුලපිරීම් පිළිබඳ සහයෝගීතාවන් සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරිත්වය විධිමත් කිරීම සඳහා ගේට්ස් පදනමේ නායකත්වය නුදුරේදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසීමට බලාපොරොත්තු වන බව එම පදනම වෙනුවෙන් ප්‍රකාශ කර ඇත.

ඔක්තෝබර් 3

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ අද දින (03) වැඩ භාරගෙන තිබෙනවා.

1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ 2015 වර්ෂයේ දී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට පත්වුණා.

අනුරාධපුර ශාන්ත ජෝශෆ් විද්‍යාලය හා අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ සිරිමෙවන් පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් යුද අධ්‍යාපනය හා ආරක්ෂක කළමණාකරණය පිළිබඳ ඵීක්‍ උපාධිය ද, මධුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යාපනය පිළිබඳ දර්ශනශූරි උපාධිය ද හිමිකර ගෙන තිබෙනවා.

සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තමසේවා පදක්කම් ලාභියෙක්.

ඔක්තෝබර් 3

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් ජනපති අනුරට සුබ පැතුම් එක් කරමින් ලිපියක් එවා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (02) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් හමුවූ අවස්ථාවේ දී මෙම ලිපිය ජනපතිවරයාට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපිය හරහා චාල්ස් රජු හා බිරිඳ ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර සාගර ආරක්ෂා කිරීමට, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට සහ දේශගුණික අවදානම්වලට මුහුණ දීමට නූතන පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස එකට වැඩ කළ හැකි වනු ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

තවද ජනාධිපති ධුර කාලය තුළ දෙරට අතර දැනටමත් පවතින සමීප සබඳතාව ජාතීන්ට සහ අනාගත පරපුරට ප්‍රයෝජනය සඳහා තව තවත් ගැඹුරු වනු ඇති බවද එහි සඳහන්

ඔක්තෝබර් 3

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan),ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ නියෝජිත පිරිසක් මෙලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡා සිදුකර තිබේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඊට එක්විය.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක්කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ අරමුණු සමග ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව යළි මෙහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළගාවීමේ වැදගත්කම ද අවධාරණය කර ඇත.

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අගය කළ IMF නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද එකඟතාව පළ කර තිබේ.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණු අතර ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ(02) මෙරටට පැමිණියහ.

IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි.

ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක් ඊයේ(02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වු සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් වත්මන් රජය යටතේ රට තුළ සිදුවෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළ කළ අතර ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක පියවරක් මෙහිදී සනිටුහන් කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්, නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් සහ ආර්ථික විද්‍යාඥ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති සහ ආර්ථික කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය සීතා බණ්ඩාර රණතුංග, සුනිල් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා, අමරසේන අතුකෝරළ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ඔක්තෝබර් 3

රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ සඳහා විධිමත් සැලැස්මක් අනුව කටයුතු කිරීම නව රජයේ අපේක්ෂාව වන බව අග්‍රාමාත්‍ය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවේ අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ ශ්‍රවණාගාරයේදී අද (2024-10-03) පැවති විශේෂ සාකච්ඡාවකදීය.

අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධ ආයතනවල නිලධාරින් විසින් මේ වන විට ආයතනවල වත්මන් තත්ත්වය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ආයතන වල ඇතිවී ඇති ගැටලු පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලදී. මෙහිදී අන්තර්ජාතික වෙළඳාම දියුණු කිරීම, ආහාර සුරක්ෂිතභාවය, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිලෙහි විනිවිදභාවය, ලංකාවට ආනයනය කරන පාරිභෝගික භාණ්ඩ වල ගුණාත්මකභාවය, අපනයන භාණ්ඩ වල තත්ත්වය හා ප්‍රමිතිය, කර්මාන්තකරුවන්ගේ ව්‍යාපෘති සඳහා ණය ලබාදීම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව සපයාදීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම වැනි කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශ නිලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළාය. මෙහිදී අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෑම ආයතනයක් පිළිබඳව වෙන වෙනම විමසා බැලූ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ආයතන තුළ හදුනාගත් ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබා දීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව වෙනමම අධිකාරියක් පිහිටුවීම හා ආහාර සුරක්ෂිතභාවය සඳහා පනතක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ආර්ථික සංවර්ධනය සඳහා ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සාමූහිකව, විධිමත් සැලැස්මක් අනුව කටයුතු කළ යුතු බවය. එසේම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයීමුදීන්, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරී තරිඳු වනිගසූරිය හා චතුරංග අබේසිංහ, අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරු, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල අධ්‍යක්ෂ ජෙනරාල්වරු, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඔක්තෝබර් 3

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ඒ සඳහා පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාවය, පූරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටළු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියා තෘප්තිමත් නොවීම බලපා ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

එම නිසා කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් කියා සිටියේය.

රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය ජනාධිපතිවරයා ලෙස තමන් රකින බවත් රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

පුරවැසියා තෘප්තිමත් කිරීම සදහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අවශ්‍ය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවය තුළ මෙතෙක් පැවති දේශපාලන පලිගැනීම්, ස්ථාන මාරු කිරීම් හා උසස් වීම් ලබා නොදීම් වැනි ක්‍රියා තම රජය යටතේ සිදු නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින් ද ජනතාව තෘප්තිමත් වන ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු බවද සඳහන් කළේය.

ඉදිරි දින හතළිහක කාලය සංක්‍රාන්තික කාලයක් වන අතර එම කාලය තුළ රාජ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන යාමට රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මෙම අමාත්‍යංශ සඳහා නව අමාත්‍යවරුන් පත් කරන බවටද ජනාධිපතිවරයා ඉඟි පළ කළේය.

මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඔක්තෝබර් 3

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබෙනවා.

ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස අවස්ථා දෙකකදී කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස ඇමැති විජිත හේරත් පත් කර ඇත්තේ.

ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ (02) රමාල් සිරිවර්ධනට ලබාදී තිබෙනවා.

ඔක්තෝබර් 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක්  අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි. 

IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වු සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් වත්මන් රජය යටතේ රට තුළ සිදුවෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළ කර ඇති අතර ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක පියවරක් මෙහිදී සනිටුහන් කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්, නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් සහ ආර්ථික විද්‍යාඥ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති සහ ආර්ථික කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය සීතා බණ්ඩාර රණතුංග, සුනිල් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා, අමරසේන අතුකෝරළ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 

ඔක්තෝබර් 2

මහත්මා ගාන්ධි සැමරුම් උළෙල කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී මහත්මා ගාන්ධිතුමාට උපහාර දැක්වීමක් සිදු කෙරුණා.

අග්‍රාමාත්‍ය ආවාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ අවසථාවට සහභාගී වුණා.

ඉන්දීය ජනතාවගේ අසහාය ජනනායකයකු බවට පත්වුණ මහත්මා ගාන්ධිතුමා 1937 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔක්තෝබර් 2

  • මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි (Mizukoshi Hideaki) මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා (Mizukoshi Hideaki) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ ජපාන තානාපතිවරයා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ජපාන රජය කැපවී සිටින බව ද සඳහන් කළේය.
දෙරටම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඉදිරියේදී දෙරට මිත්‍ර රාජ්‍යයන් ලෙස ඉතා සමීපව කටයුතු කිරීමටද එකඟතාව පළ කෙරිණි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දක්වා ඇති පරිදිම දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහිකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධානය යොමු කිරීම පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළ ජපාන තානාපතිවරයා, එම වැඩපිළිවෙළ සඳහා ජපානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද සහතික විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීම සහ භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය වැනි ජයිකා අරමුදල යටතේ ආරම්භ කර ඇති ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කළේය.

එසේම ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන් භාෂාව හැදෑරීමට සහ ජපානයේ රැකියා සඳහා අවස්ථා සලසා දීමට සහාය වන බවට ද ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා ජනාධිපතිවරයා හමුවේ සහතික විය.

ඔක්තෝබර් 2

ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී සහ ආරක්ෂක වැඩසටහනට මෙන්ම
IMF සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් තමාගෙත්, කැනේඩියානු රජයේත් ජනතාවගේ උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ මහකොමසාරිස්වරයා දූෂණය පිටුදැකීම සහ රට තුළ සුරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කැපවීම අගය කළේය.

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බවද මෙහිදී පෙන්වා දුන් එරික් වොල්ෂ් මහතා යෝජිත ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීම සහ දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහාය ලබා දෙන බවට ද මහකොමසාරිස්වරයා සහතික විය.

ඔක්තෝබර් 2

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

දෙරට අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම හමුව සිදු වු අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා ගත් ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සිය සුභාශීංසන පිළිගන්වා තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායකගේ ඉදිරි පාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා ජනපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කෙරෙන III වන චාල්ස් රජුගේ සහ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ (Sir Keir Starmer) පුද්ගලික සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

සෘජු විදේශ ආයෝජන (FDIs) ආකර්ශනය කර ගැනීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා බ්‍රිතාන්‍ය රජයේ නොමඳ සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කළ මහ කොමසාරිස්වරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කර තිබෙනවා.

ඔක්තෝබර් 2

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා සිය සුබපැතුම් පළ කළා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බවයි ඉන්දීය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව කලාපයේ සාමකාමී සහ ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉස්මතු වනු දැකීම සිය රටේ ප්‍රාර්ථනාව බවත් ඔහු පැවසුවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සිහිපත් කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර ස්ථාවර මිත්‍රත්වයක් පවත්වා ගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම අවධාරණය කළා.

දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා රාජ්‍ය පද්ධතිවල ඩිජිටල්කරණයේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නා.

මේ ආකාරයට ඉන්දීය මහ කොමසාරිස්වරයා, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ අගය කළා.

එසේම ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බවයි මහකොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඔක්තෝබර් 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට ද ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (02) පැවැති හමුවකදිය.

මෙහිදී පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ උණුසුම් සුබපැතුම් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් පිරි නැමුවා.

ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පැවසු බව ජනාධිපතිවරයා මාධ්‍ය අංශය පවසනවා.

එසේම සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරයා මෙම හමුවේදී සහතික විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට ද ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවන බවත්, ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන (FDIs) ප්‍රවර්ධනය කිරීමට ඕස්ට්‍රේලියාව උනන්දුවෙන් පසුවන බවත් මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක අංගයක් ලෙස ආර්ථිකයේ විනිවිදභාවය පවත්වා ගැනීමේ වැදගත්කම ද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් සිටීවන්සන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඔක්තෝබර් 2

ඩෙංගු මර්දනයට විශේෂඥ දැණුම ලබා දීමට එකඟ වෙයි

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා (Andres Marcelo Gonzales Gorrido) අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය. එමෙන්ම ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ ප්‍රශංසා කළ මෙරට කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කියුබාව සූදානමින් සිටින බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම, ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව මෙහිදී සහතික විය. ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ මෙහිදී පෙන්වා දුන් මෙරට කියුබානු තානපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළේය.

ඔක්තෝබර් 2

ඔක්තෝබර් 1

ශ්‍රී ලංකාව දරුවන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති රාජ්‍යයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (01) බත්තරමුල්ල – සුහුරුපායේ දී ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට එක්වෙමින්.

මෙහිදි සමරු මුද්දරයක් ද නිකුත් කිරීම සිදු වුණා.

මේ අතර ලෝක ළමා දිනයට සමගාමී ව අග්‍රාමාත්‍යවරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී අග්‍රාමාත්‍යවරිය රෝහල්ගත කර සිටින දරුවන් හට තෑගි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට ද එක් වෙමින් ඔවුන් සමග කතාබහක නිරත වූ බවයි වාර්තා වන්නේ.

ඔක්තෝබර් 1

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ මහ බැංකු මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී ගත් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් හෙට දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට අමාත්‍ය විජිත හේරත් ප්‍රතිචාර දක්වා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා, වරප්‍රසාද යළි සලකා බැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරිගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

එමෙන්ම මෙවර මහ මැතිවරණය පැවැත්වීම සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් බිලියන 11ක මුදල වෙන්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කළේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා පත් කරන ලද උපදේශකවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ලබා දී ඇති වාහන සම්බන්ධයෙන් රජයේ තීරණය කුමක්ද යන්න පිළිබදව ද අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කළා.

ඔක්තෝබර් 1

ඔක්තෝබර් 1

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.

මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් පසුගියදා තේරී පත් වූ ජනාධිපති දිසානායක වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පුද්ගලික පණිවිඩයක් ද ජනාධිපති වෙත පිළිගැන්වුවා.

ජනාධිපතිවරයාහේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩ වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති පුටින් විසින් සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඔක්තෝබර් 1

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ ප්‍රධාන නියෝජිත යාමාඩා ටෙට්සුයා (YAMADA TETSUYA) ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවී තිබෙනවා.

ජයිකා අයතනය මඟින් මෙරට ක්‍රියාත්මක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජයිකා (JICA) ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවති ඇති ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කිරීමට පසුගියදා ජපාන තානාපතිවරයා ජනාධිපති ලේකම්තුමා හමුවූ අවස්ථාවේ දී සාකච්ඡා කළ අතර එම කටයුතු කඩිනම් කිරීම පිළිබඳව අද පැවති සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.

ඔක්තෝබර් 1

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ වැඩපිළිවෙලට සහය පළ කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා පවසනවා.

සුබ පැතුම් පණිවුඩයක් ද නිකුත් කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඔක්තෝබර් 1

මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව අත්‍යවශ්‍ය වියදම් දැරීම සඳහා අක් මුදල් නිදහස් කිරීම පිණිස මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද (01) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී කියා සිටියේ ඇතැම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශ වෙත අක්මුදල් නිදහස් කිරීමේදී එවැනි වියදම් වල ප්‍රමුඛතාව මත පදනම්ව මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවට 2023-02-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී තීරණය කර තිබු බවයි.

එහෙත්, තවදුරටත් අක් මුදල් නිදහස් කිරීමේදී ප්‍රමුඛතා පදනමක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොපවතින බව නිරීක්ෂණය වු බව අමාත්‍යවරයා කියා සිටියා.

මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව අත්‍යවශ්‍ය වියදම් දැරීම සඳහා අක් මුදල් නිදහස් කිරීම පිණිස මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකමට බලය පැවරීම සඳහා මුදල් ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔක්තෝබර් 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

එහි ප්‍රතිඵලයක් ලෙස 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවිමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඔක්තෝබර් 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළාය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ඔක්තෝබර් 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 

කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, 

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා (සභාපති)
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක මහතා
විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල මහත්මිය

අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, එම කමිටුව සකසන වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බවයි.

නව ආණ්ඩුවේ මංගල කැබිනට් හමුවේදී ගත් තීරණ මෙන්න

ඔක්තෝබර් 1

මහමැතිවරණ වෙනුවෙන් පුර්ව මුදල් වෙන් කිරීමක් පසුගිය අයවැය වෙන් කර නොතිබුණ අතර ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මහමැතිවරණ සඳහා බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (01) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මුළු වියදම ඇස්තමේන්තු කර ඇති බිලියන 11 ක මුදල අනුව මහමැතිවරණයට අදාළ ඉතිරි බිලියන 06 ක මුදල 2025 සඳහා අයවැය ලේඛනයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර සිටියා.

ඔක්තෝබර් 1

ඔක්තෝබර් 1

ඔක්තෝබර් 1

ඔක්තෝබර් 1

දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට  දිනා දීම අපගේ පුනරුද යුග  කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ළමා දින පණිවුඩය පහතින්.

– උපුටා ගැනීම –

ලෝකය  ළමයින්ටයි……
ඔවුන්ගේ  ලෝකය  අපේ දෑතින් ගොඩ නගමු…..

මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම  තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන  ඇත්තෙමු.

එසේම  දරුවන්ගේ මනෝ සමාජයීය  සංවර්ධනයට බාධා කරන  සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන් ගෙන් වත්මන් ළමා පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම  අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණයි. කයින් මනසින්  මෙන්ම  අධ්‍යාත්මයෙන්ද  නිරෝගී සුපසන්  ළමා පරපුරක් බිහිකිරීම  මඟින් අනාගත  ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව  අපි විශ්වාස කරන්නෙමු.

ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වභාවික  සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය  අපි ප්‍රමුඛ කාර්යය සේ සළකා ඉටුකිරීමට කැපවෙමු.
එකී වගකීමට  අපි  සැම  වගවෙමු  !

– උපුටා ගැනීම අවසන් –

මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ “අපේ අනාගතය සඳහා කරන ආයෝජනයන් යනු අපේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි” යන මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව, පාඨයකට සීමා නොකර යථාර්තයක් කිරීම සිය රජයේ අරමුණ බවය.

රටේ සෑම දරුවකුට ම උසස් තත්ත්වයෙන් යුතු නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට රජය කැපවන අතර ආර්ථික වශයෙන් ශක්තිමත් දේශයක දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම අපගේ දැක්ම බව අග්‍රාමාත්‍යවරිය පැවසීය.

එමෙන්ම මෙවර ලෝක වැඩිහිටි දින තේමාව වන “ගෞරවාන්විතව වයස්ගත වීම, ලොව පුරා වැඩිහිටි පුද්ගලයින් සඳහා සත්කාර සහ ආධාරක පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම”, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා වන අප රජයේ ඇති කැපවීම සමඟ සමපාත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

වැඩිහිටියන් සඳහා විශේෂයෙන් ශ්‍රම බළකායට දායක වෙමින් තම ජීවිත ගතකළ අය වෙනුවෙන් විශ්‍රාම ප්‍රතිලාභ වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය සේවා සඳහා නොමිලේ සහ සමාන ප්‍රවේශයක් සහතික කිරීමටත් අපගේ රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය සිය වැඩිහිටි දින පණිවිඩය මගින් වැඩිදුරටත් දැනුම් දෙයි.

ඔක්තෝබර් 1

Powered by WordPress and Bootstrap4