AKD – 2024-SEPTEMBER

October 2024 >

සැප්තැම්බර් 30

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ පසුගිය දින කිහිපය තුළ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථ වාහන නොවන බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිය ධූර කාලය තුළ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බවයි.

එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ කඩ නොමැති නිසා බවත්, කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවද ජනාධිපති කාර්යාලය දැනුම් දෙනු ලබනවා.

එලෙස භාර දී ඇති වාහන සහ භාවිතා කළ අය පිළිබඳ විස්තරය බාගත කරගන්න (Click)

නිවැරදි කිරීමයි

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ වාහන භාරදීමට අදාළ තොරතුරු ඇතුළත් වගුවේ අංක 95 යටතේ නම් සඳහන් උදය ශාන්ත ගුණසේකර යන නම උදයකාන්ත ගුණතිලක ලෙස සංශෝධනය විය යුතු බව කාරුණිකව දැනුම් දෙමු.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා 2024-09-23 වන දින ඒ මහතා වෙනුවෙන් තාවකාලිකව අනුයුක්ත කර තිබූ අංක PE-1580 දරණ TOYOTA HILUX කැබ් රථය නැවත ජනාධිපති කාර්යාලය වෙත භාර දී ඇති බව වැඩිදුරටත් දන්වා සිටිමු.

මෙම ප්‍රවෘත්තියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පත්වූ අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව පළ කරමු.

සැප්තැම්බර් 30

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ඇතුළු පිරිසක් ද මේ සඳහා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දැනට ආරක්ෂාව දී ඇති ප්‍රභූවරුන්ට පවතින ආරක්ෂක තර්ජන පිළිබඳ එහිදී සමාලෝචනයක් කිරිමට ද නියමිත අතර, ප්‍රභූ ආරක්ෂාවට අදාළ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ද තීරණය කිරීමට නියමිතයි.

සැප්තැම්බර් 30

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා නව රජය නියෝජනය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් යන තිදෙනාම සහභාගී වනවා.

නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රටේ මේ වන විට බලපාන ප්‍රබල තීන්දු රැසක් සම්බන්ධයෙන් තින්දු ගනු ඇති බව වාර්තා වනවා.

නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා වශයෙන් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු, පරිසර, වනජිවි, වනසම්පත්, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් හා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම් නව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින් හෙට දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැනුම් දීමට නියමිතයි.

සැප්තැම්බර් 30

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1,000 කට අධික පිරිසක් දිවයිනපුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනූව ඉදිරි දින කිහිපයේදී එම කාර්ය සිදු කරන බවයි පැවසෙන්නේ.

ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මේවන විට ඇමැති ආරක්ෂක කොට්ඨාසයට වාර්තා කරමින් රාජකාරී ගිනි අවි බාරදෙමින් සිටින බවයි බව පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි එම පොලිස් නිලධාරීන්ට පහසු පොලිස් ස්ථානයක් අනුයුක්ත කොට්ඨාසයෙන් ඉල්ලා සිටිය හැකි බව පැවසෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සමග සාකච්ඡා කර අදාල පොලිස් ස්ථානවලට යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් හැර දිවයින පුරා සිටින එම කොට්ඨාසයේ අනෙකුත් නිලධාරීන් ඇමැති ආරක්ෂක කොට්ඨාසයට ඉකුත් (24) කැඳවා තිබුණා.

මේ අකාරයට ප්‍රභූ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,300 කට අධික සංඛ්‍යාවක් යොදවා සිටි බවයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් හා මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ද ඉවත් කර තිබෙන බව පැවසෙනවා.

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව අධිකරණ නියෝගයක් මත විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නියෝග කර ඇති පාර්ලිමේන්තු හෝ පළාත් නියෝජනය කළ හෝ ආණ්ඩුකාර ධූර දැරූ ප්‍රභූවරුන් වේනම් ඔවුන් වෙත පමණක් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන බවයි ඇමැති ආරක්ෂක කොට්ඨාසය පවසන්නේ.

සැප්තැම්බර් 30

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000 ක දීමනාවක් සහ ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී මෙවැනි සහනාධාරයක් ලබාදීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැළකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ.

සැප්තැම්බර් 30

දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් එක්වරම වෙන්කිරීම පවතින ආර්ථික අර්බුදය හමුවේ ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

ජාතික පාසල් 396ක විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී ඊයේ (28) පැවති සමුළුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“අපි අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ දැනුම කේන්ද්‍ර කරගෙන දෙන අධ්‍යාපනයක් පමණක් නෙමෙයි. මූලික වශයෙන් මේ සමාජයට, අපේ රටට අවශ්‍ය පුරවැසියා බිහිකිරීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතුයි.  අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැගීම වැදගත්. අධ්‍යාපනය ගැන දරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට විශ්වාසයක් නැහැ. ඒ පිළිබඳව කලකිරීමකින් ඉන්නේ. විභාග, පත්වීම්, බඳවාගැනීම් අර්බුදකාරී තත්ත්වයක. අධ්‍යාපනය දේශපාලනීකරණය වීම මත විශාල පීඩනයකින් ඔබ ඉන්නේ. ඔබේ වෘත්තිමය ගරුත්වය රකින අධ්‍යාපනයක් අපි හදනවා.  

දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්විය යුතුයි. ආර්ථික අර්බුදයත් සමග එක්වර දෙන්න බැහැ. ක්‍රමානුකූලව ඒ ඉලක්කය වෙත යන්න සැලසුම් තියෙනවා. අපේ අයවැය තුළ අධ්‍යාපනයට විශේෂ තැනක් දෙනවා”. 

සැප්තැම්බර් 29

ප්‍රදේශ හතරක අලු‍තින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 05ක් චාරිත්‍රානුකූල උත්සවවලින් තොරව මහජනතාවට විවෘත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදීයී.

කොළඹ සහ මාතලේ ඉදිකළ කෘත්‍රිම හොකී පිටිය,
බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය,
ඕමන්තේ වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ත ක්‍රීඩාංගණය,
ඕමන්ත වවුනියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය

එලෙස මහජනතාවට විවෘත කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර දේශපාලනීකරණයට ලක්වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදා ගතයුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් වසර 05කට පසු විශේෂ වැඩමුළුවක් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන්.

ඊට එක්වෙමිනුයි ඇය මේ බව සදහන් කළේ.

සැප්තැම්බර් 29

ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ ඊයේ (28) දින මහනුවර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

එහිදී ඇය කියා සිටියේ තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනා වලට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට නොපැකිලෙන බවයි.

එමෙන්ම මහ මැතිවරණය සඳහා හොඳින් සූදානම් විය යුතු අතරම ජනාධිපතිවරණයේදී ලබා දුන් ජයග්‍රහණය තවත් විශිෂ්ට ලෙස ලබාදී රට හදන්න හැකි කණ්ඩායමක් ජනතාව පාර්ලිමේන්තුවට තෝරා එවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය වැඩිදුරටත් කියා සිටියා.

සැප්තැම්බර් 29

ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉලක්කකර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ අමෙරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින්.

මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 32වැනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට අමරිකානු වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

සැප්තැම්බර් 28

ජනාධිපති අනුර කුමාර දිසානායක අද(28) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ගොස් තිබෙනවා.

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙම පොත් ප්‍රදර්ශනය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

එය ඊයේ (27) දිනයේ ආරම්භ වූ අතර ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 25 වන සංවත්සරයද සමරමින්.

පොත පත කෙරෙහි උනන්දුව දක්වන විශාල පිරිසක් ඒකරාශී කරන මෙම ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වෙන දැවැන්තම ප්‍රදර්ශන කිහිපයකින් එකක්.

සැප්තැම්බර් 28

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය ඇතුළු නව රජයේ අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් ගැසට් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති , කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යාංශ ජනාධිපති අනුර කුමාර දිසානායක යටතට ගෙන තිබුණා.

ඒ අනුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට ආයතන 26ක් ගැසට් කර තිබෙනවා. ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ජාතික ආරක්ෂක අරමුදල ඇතුළු මුදල් අමාත්‍යාංශ යටතට ඇති ආයතන සංඛ්‍යාව 62ක්.

බලශක්ති අමාත්‍යාංශයට විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන 11ක් පවරා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා ඇති ආයතන සංඛ්‍යාව 35ක්. ඒ අනුව ජනාධිපතිවරයාට ආයතන 134ක් ගැසට් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතේ ඇති අමාත්‍යාංශ 05 ට ආයතන 165ක් පවරා තිබුණා. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශයට,නීතිපති දොපර්තමේන්තුව, බන්ධනාගාර දොපාර්තමේන්තුව ඇතුලු ආයත 38ක් ඇතුළත්.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතට විභාග දොපාර්තමේන්තුව ඇතුලු ආයතන 45ක් පවරා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ඇති ආයතන 15ට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය ද ඇතුළත්.

වෙළඳ අමාත්‍යාංශට සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 41ක් ඇතුලත් වනවා. සෞඛ්‍ය අමාත්‍යංශයට ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ඇතුළුු ආයතන 26ක් පවරා තිබුණා.

එමෙන්ම අමාත්‍ය විජිත හේරත්, යටතට පවරා තිබූ අමාත්‍යාංශ 6ක් යටතට ආයතන සංඛ්‍යාව 142ක්. බුද්ධ ශාසන අමාතා්‍යංශයට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 53ක් පවරා තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 17ක් පවරා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන 6ක් ගැසට් කර තිබුණා.

විදේශ කටයුතු අමාත්‍යාංශයට ආයතන 3ක් ගැසට් කිරීමටයි පියවරගෙන ඇත්තේ. පරිසර අමාත්‍යාංශයට වන සංරක්ෂණ දොපාර්තමේන්තුව ඇතුළු ආයතන 48ක් ගැසට් කර තිබෙනවා.

නිවාස අමාත්‍යාංශයට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන 15ක් ගැසට් කර තිබුණා.

එම ගැසට් නිවේදනය සඳහා පිවිසෙන්න,

සැප්තැම්බර් 28

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.

ප්‍රියන්ත වීරසූරිය, වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් වන විට උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවයට එක් වී පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලද එකම නිලධාරියා මොහු බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වන ප්‍රියන්ත වීරසූරිය, මානව සම්පත් කළමණාකරණය පිළිබදව ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ද ලබාගෙන තිබෙනවා.

මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි 26 වැනිදායි. ඒ මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙසයි.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

සැප්තැම්බර් 28

ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල සිදුවන දූෂණ, වංචා පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බව අගමැතිනී, හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, අද (27) පෙරවරුවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය,

“අග්‍රාමාත්‍යවරිය ලෙස මට භාරව තිබෙන සියලු අමාත්‍යංශ වල සිදුවිය යුතු සහ මෙතෙක් සිදු නොවුණ ප්‍රමුඛතා හඳුනා ගනිමින් යනවා. විශේෂයෙන් ක්‍රිඩා අමාත්‍යාංශයේදී විශේෂ කාරණා කිහිපයක් මතු වුණා.

රාජ්‍ය මුදල් නාස්තිය සහ අවභාවිතය පිළිබඳව රජයක් ලෙස අපි දැඩි අවධානයෙන් ඉන්නවා, ඒවගේම අපි වියදම් පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒනිසා උත්සව සඳහා සිදුකරන නාස්තිය අඩු කරන්න.

රාජ්‍ය ප්‍රතිපාදන ලැබෙන සහ වියදම් කළ ප්‍රමාණ පිළිබද සංඛ්‍යා ලේඛන අමාත්‍යංශය සතුව තිබෙනවා. නමුත් ඒ වියදම් වල ප්‍රගතිය පිළිබඳ කිසිදු නිරීක්ෂණයක් මේ වන තෙක් කර නැහැ. වියදම් වූ මුදලින් සිදු වූ දේ පිළිබඳ කඩිනමින් අභ්‍යන්තර විගණනයක් සිදු කරන්න.

රාජ්‍ය ආයතන වල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් කරන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් රජය මගින් සකස් කර තිබෙනවා.

තවත් වැදගත් කාරණයක් මෙම සාකච්ඡාවේදී ඉස්මතු වුණා. ක්‍රිඩා කටයුතු වලදී සහ රජකාරීයේදී සිදුවන හිංසන සහ අපයෝජන පිළිබඳ සොයා බැලීමට සහ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යංශයට නැහැ. ඒ නිසා මම දැනුම් දුන්නා හිංසන සහ අපයෝජන පිලිබඳ සොයාබැලීමට සහ දැනුවත් කිරීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස”

සැප්තැම්බර් 27

නව රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට පූර්ණ සහාය දැක්වීමට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) එකඟතාවය පළකර තිබෙනවා.

කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (KOICA) ඉහළ පෙලේ නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය ගෙනයන වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමට මෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව අනුව ණය ආධාර ලබාදීම පිළිබඳවද අවධානය යොමු කරන බවයි කොරියානු නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.

සැප්තැම්බර් 27

කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශකවල අදත් කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබුණා.

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 102.01 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,773.88 ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 50.15 කින් ඉහළ ගොස් ඒකක 3,434.44 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.9 ක් ලෙසයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් 27

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායකවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ පොලිස් ආරක්ෂාව දිගටම ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වුණා.

මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව ඉන්ධන දීමනාව මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම්ද මේ අනුව අහෝසි වනු ඇති.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇති බවද වාර්තා වෙනවා.

සැප්තැම්බර් 27

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලු‍ම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා භාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 ක්.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් භාවිත කිරීමට හිටපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අවසර දී ඇති බව වාර්තාවනවා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසුදින එම නිවාස යළි භාරදිය යුතු වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ලබාදී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුලු පහසුකම්ද පාර්ලමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වුණා.

සැප්තැම්බර් 27

ශ්‍රී ලංකා පොලිසියේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා.

මින් පෙර පොලිස්පති දුරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝට හට අධිකරණය මගින් එම ධුරයේ රාජකාරි සිදුකිරීම අත්හිටවූ අත‍ර, එම හේතුවෙන් පොලිස්පතිවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතියා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා සේවය කළ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් වනවා.

ඔහු මින් පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුවල සේවය කරනු ලැබූ අයෙක්.

එමෙන්ම ඔහු අවසන් වරට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

තවද, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයෙකු වශයෙන්ද දිවුරුම් දී තිබෙනවා.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ලබා ඇති ඔහු, නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහාද සහකාර පොලිස් අධිකාරිවරයෙකු හා පොලිස් අධිකාරිවරයෙකු ලෙස එක්ව තිබෙනවා.

සැප්තැම්බර් 27

දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ නව රජයේ වැඩපිළිවෙළට
ජපානයේ පූර්ණ සහාය ලබා දෙනවා

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාගෙන් සහතිකයක්

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා පැවසීය.

ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවේදීය.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා දී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මිට ඇතුළත් බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පැවසීය

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී නයොකි කමොෂිඩා, පළමු ලේකම් ඔහාෂි කෙන්ජි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සැප්තැම්බර් 27

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මීට පෙර මෙම මාර්ග භාවිත කිරීමට අවසර ලබාදී තිබුණේ බලයලත් සීමාසහිත පිරිසකට පමණක් බවයි.

සැප්තැම්බර් 27

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

යුද, ගුවන් සහ නාවික හමුදාව කැඳවීමේ නියමය ඇතුළත්ව මෙම අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර තිබුණා.

ඒ අනූව මෙම ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ.

සැප්තැම්බර් 27

පසුගිය රජය සමයේ රාජ්‍ය කටයුතු සදහා භාවිතා කර අතුරුදන් වූ රථවාහන 29 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා කිරීමට නියමිත බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

එමෙන්ම, දැනට ලැබී ඇති රථ වාහන පිළිබද සමාලෝචනයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සදහන් කළේ.

සැප්තැම්බර් 26

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

අමෙරිකානු ජනපතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මෙම සුබපැතුම් පණිවිඩය නිකුත්කර ඇත්තේ.

එම පණිවිඩයේ දැක්වෙන්නේ,

“ශ්‍රී ලංකා වාසීන් විසින් ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන තිබේ. ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය. ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” ලෙසයි.

සැප්තැම්බර් 26

ජනාධිපති ලේකම් කාර්යාලය අවට හා තවත් ස්ථාන කිහිපයක ගාල්කර ඇති සුඛෝපභෝගි රථවාහන ඉදිරියේදි අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන ආයතනවලට ලබා දීමට සැලසුම්කර ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල පවසනවා.

ඔහු සඳහන් කළේ පැවති රජයේ මැති ඇමතිවරුන් ඇතුළු විවිධ පුද්ගලයින් භාවිත කළ වාහන 107ක් එම ස්ථානවල එලෙස ගාල්කර ඇති බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථගාල ඇතුළු ස්ථාන කිහිපයක ඊයේ සහ පෙරේදා දිනවලදි මෙලෙස රථවාහන ගාල්කර තිබුණා.

පැවති රජයේ මැති ඇමතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයින්ට එම වාහන ලබා දි තිබුණා.

එලෙස ගාල්කර තිබු වාහන අතර, V8 වර්ගයේ සුපිරි ජීප් රථ, රේන්ජ් රෝවර්, මොන්ටේරෝ ඇතුළු සුඛෝපභෝගි වාහන ද වනවා.

මෙම වාහන සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල පැවසුවේ සුඛෝපභෝගි රථවාහන ඇතුළු වාහන 107ක් එලෙස ගාල්කර ඇති බවයි.

සැප්තැම්බර් 26

වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාතමක කෙරෙන බව සඳහන්.

සැප්තැම්බර් 26

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති කිරීම සඳහා රාජ්‍යයේ අඛණ්ඩ සහයෝගය අවශ්‍ය බව හඳුනාගන්නා අතරම ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාවද ඒ හා සමානවම වැදගත් බව එම ලිපියේ සඳහන්.

රට තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම මෙන්ම සියල්ල ඇතුළත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදීමට කැපවන බවද එහි සඳහන්ව තිබූ බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් 26

  • මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක්
  • ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක්

ලබාදීමට ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000/-ක පමණ වූ පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000/ දක්වා වැඩි වනු ඇත. මෙම සහනාධාරය ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මකය.

කාර්යක්ෂම හා ඵලදායී ලෙස එම සහනාධාරය ගොවීන් වෙත ලබාදීම සඳහා අදාළ මුදල් සෘජුවම ගොවින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කෙරේ.

නිවැරදි කෘෂි යෙදවුම් කළමනාකරණයක් අරමුණු කර ගනිමින් සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම් ලබා දීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික හා කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර ලබා දීම පිළිබඳ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන අතර ඒ අනුව මෙම පියවර ගෙන ඇත.

මේ අතර අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟා සිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද ගරු ජනාධිපතිතුමා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරේ. මෙම සහනාධාරය ද සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරනු ඇත.

ධීවර කර්මාන්තය තිරසාර හා පරිසර හිතකාමී ලෙස සංවර්ධනය හා කළමනාකරණය කිරීමටත්, ඒ තුළින් මත්ස්‍ය නිෂ්පාදනය සුලභ කිරීම හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා ගත හැකි තත්ත්වයකට පත් කිරීමත් කර්මාන්තයේ නියැලෙන්න්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් පිළිබඳ නව රජයේ ප්‍රතිත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

ඒ අනුව දැනට දැඩි පසු බෑමකට ලක් වී ඇති සමුද්‍රීය ධීවර කටයුතු යථාවත් කිරීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කරනු ඇත.

සැප්තැම්බර් 26

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
”පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වී තිබෙන අවිශ්වාසය නැති කිරීමට මේ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රථිපල ලබාදීම කඩිනම් කරන්න. ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රම වේදයක් මගින් සිදු විය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා ඒක එක පාර කරන්න බැරි වුණත් පාසල්වලින් මට වාර්තා වෙනවා මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න. මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මේ පරපුර කොවිඩ් වලටත් මුහුණ දුන්නා. ඒ වගේම මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වීම නතර කරන්න”

සැප්තැම්බර් 26

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කර තිබෙනවා.

ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සියලු කටයුතුවලදී ජනාධිපතිවරයා ලෙස තම පූර්ණ සහාය ලබා දෙන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදීයි.

විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් අටසියය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා විදුලිබල අමාත්‍යාංශය මඟින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම එහිදී ඔහු විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද පැහැදිලි කර ඇති අතර විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් 26

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජාතිය ඇමතීමේ විශේෂ ප්‍රකාශය නරඹන්න

මෙරට 09 වන විධායක ජනාධිපති ලෙස අභිනවයෙන් තේරීපත් වූ අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලබනවා.

ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.

ජාතිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ දශක කිහිපයක් පුරා නැඟු හඩට කෙමින් කෙමින් හෝ සවන්දෙමින් තිරසාර ලෙස තමන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළට හුස්ම පෙවූ සියළු දෙනාට ගෞරවය පුද කරන බවයි.

සැප්තැම්බර් 25

වත්මක් ජනාධිපති යටතේ ශ්‍රී ලංකාවේ ආරථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයත් ඵලදායිතා වර්ධනයත් අත්පත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් මේ බව සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ එකඟතා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද මේ වන විට සංවර්ධනය කරමින් යන වැඩසටහන් වැඩසටහන් අඛණ්ඩව කරගෙන යනු ඇතැයි විශ්වාස කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

සැප්තැම්බර් 25

නව රජය පත් වීමත් සමඟ පැවති රජයේ මැති ඇමතිවරුන් මෙන්ම, රාජ්‍ය නිලධාරීන් භාවිත කළ වාහන රැසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සහ කොළඹ ස්ථාන කිහිපයක ගාල්කර ගොස් තිබෙනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පැවසුවේ එම වාහන එලෙස දමා ගිය පිරිස සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

කොළඹ පදනම් ආයතනය අසල, එමෙන්ම, ගාලු‍ මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසළ බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ ද එලෙස වාහන ගාල්කර තිබෙනු දක්නට ලැබුණා.

ඒ අතර, වී. එයිට් වර්ගයේ සුපිරි ජීප් රථ, රේන්ජ් රෝවර්, මොන්ටේරෝ ඇතුළු සුඛෝපභෝගි වාහන ද වනවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ ඒවා නිරීක්ෂණයට පැමිණ තිබුණා.

සැප්තැම්බර් 25

වත්මන් ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයෙකු පොලිසියේ යම් යම් ක්‍රියා සම්බන්ධයෙන් පරණ වැරදි සංස්කෘතිය ක්‍රමවේදය නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (25) මහජන අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මෙතෙක් පැවැතියානම් වැරදි දේ නිවැරදි කර ගැනීමට අවස්ථාව පොලිසියට ලැබෙනු ඇති බවයි.

එමෙන්ම දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපතිවරු පත් කීරීමේ මීන් පසු සිදු නොවන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ගුවන් බලපත්‍ර නිකුත් කිරිම ප්‍රමාදය සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් අදාළ නිලධාරින් ඉදිරිපත් කරනු ඇති බව බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා.

පොලිසිය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම දකින්නට ලැබෙන බවත් දේශපාලන ඇඟිලි ගැසීම් නතර කරන බවත් කුමන හෝ වරදක් පොලිසිය පැත්තෙන් සිදුව ඇතිනම් එය නිවැරදි කරගෙන කටයුතු කරගෙන යන ලෙස අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම රාජකාරී මට්ටමින් උස්ස කිරීම් සිදු කල යුතු බවත් කිසිදු දේශපාලන මැදිහත් වීමක් ඉදිරියේදී සිදු නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

සැප්තැම්බර් 25

ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වෛද්‍ය නජිත් ඉන්දික පත්කර තිබෙනවා.

වෛද්‍ය නජිත් හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබෙනවා.

පසුගිය වසර පහ තුළ ඔහු විවිධ රජයේ රෝහල්වල වෛද්‍යවරයකු සහ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බව සඳහන්.

සැප්තැම්බර් 24

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා තිබෙනවා.

ඒ විශේෂ සටහනක් ප්‍රංශ ජනපතිවරයා විසින් සිය නිල මුහුණු පොතේ තබමින්.

මේ සුබපැතුමේ විශේෂත්වය වන්නේ ප්‍රංශ ජනපතිවරයාගේ එම සටහන පළමු ව ඉංග්‍රීසි බසින් හා දෙවනුව එය සිංහලෙන් ද පළ කර තිබීමයි.

පහතින් දැක්වෙන්නේ එම සටහනයි

“ශ්‍රී ලංකිකාවියනි, ශ්‍රී ලංකිකයිනි,
හිතවත් මිත්‍රයනි,
ඔබගේ ආදර්ශමත් ජනාධිපතිවරණ සංවිධානය ඔබගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය මනා ලෙස පෙන්වා දෙයි.
අනුර දිසානායක මහතා, ඔබගේ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුභ පැතුම්!
ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව, විශ්වාසයෙන් තම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම්ය.

සැප්තැම්බර් 24

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින්.

එම තනතුරු පහතින් දැක්වේ.

අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී

අමාත්‍ය මණ්ඩලයේ ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු

ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් – කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර

මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාද,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශ ලේකම් – කේ.එම්.එම්.සිරිවර්ධන

විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් – අරුණි විජේවර්ධන

අධ්‍යාපන,විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් – ජේ.එම්.ටී.ජයසුන්දර

කාන්තා,ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් – කේ.මහේසන්

වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා,සමූපාකාර සංවර්ධන,කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් – එම්.එම්.නයිමුදීන්

ග්‍රාමීය හා නාගරික සංවර්ධන,නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් – ඒ.එම්.පී.එම්.බී.අතපත්තු

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් – පාලිත ගුණරත්න මහීපාල

අධිකරණ,රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් – ඩබ්ලිව්.පී.පී යසරත්න

පරිසර,වනජීවී,වන සම්පත්,ජල සම්පාදන,වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් – බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති

කෘෂිකර්ම,ඉඩම්,පශු සම්පත්,වාරිමාර්ග,ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ ලේකම් – එම්.පී.එන්.එම් වික්‍රමසිංහ

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් – එච්.එස්.එස්.තුයියකොන්තා

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් – ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ අරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් – රංජිත් ආරියරත්න

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් – මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල

සැප්තැම්බර් 24

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශ පහතින් දැක්වේ

  • ආරක්ෂක අමාත්‍යාංශය
  • මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය
  • බලශක්ති අමාත්‍යාංශය
  • කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය

සැප්තැම්බර් 24

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ.

  • අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
  • අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය,
  • කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
  • වෙළඳ වාණිජ,
  • ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
  • සෞඛ්‍ය අමාත්‍යාංශය

සැප්තැම්බර් 24

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු,

ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය,

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය,

මහජන ආරක්ෂක අමාත්‍යාංශය ,

විදේශ කටයුතු අමාත්‍යාංශය

සැප්තැම්බර් 24

අද දිනයේ (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස මීට සුළු මොහොතකට පෙර දුවුරුම් දුන් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා.

ඇය තව දුරටත් සඳහන් කර සිටියේ ”අප විශ්වාස කරමින් ජන බලය ලබා දුන් ජනතාවට ස්තූතිවන්ත වන බවයි”

සැප්තැම්බර් 24

නව ආණ්ඩුවේ අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙසයි ඉතිහාසයට එක්වුණේ.

මීට පෙර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍යවරියන් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

1970 මාර්තු 6 වැනි දින උපත ලැබූ ඇය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි.

ඇය එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය. සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීය කරණය සහ සංවර්ධනය ආදී විශය පථ ගණනාවක් ඇය අධ්‍යයනය කර තිබෙනවා.

තරුණ විරැකියාව, ලිංගභේද පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂණය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ අකාර්යක්ෂමතාව වැනි දැවෙන ගැටළු පිළිබඳව කරන ලද පර්යේෂණ සඳහා හරිනි ප්‍රසිද්ධත්වයක් උසුලන ඇය නෙස්ට් නම් ශ්‍රී ලාංකික දේශීය රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරනු ලැබුවා.

ඇය යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පොත් ප්‍රකාශයට පත් කළ අතර පර්යේෂණද සිදු කරනු ලැබුවා.

She is the first woman in South Asia to rise to the position of Prime Minister without coming from a political family.

Prime Minister Amarasuriya stated that the current government is ready to bring about the change the people expect and called for everyone’s commitment and support to achieve it.

Meanwhile, the newly appointed Secretary to the Prime Minister, Mr. G. Pradeep Saputantri, also commenced his duties at the Prime Minister’s Secretariat.

Prime Minister’s Additional Secretaries Harsha Wijewardene, Mahinda Gunaratne, Senior Assistant Secretary D. Mashanka H. Liyanage, and a group of officials from the Prime Minister’s Office participated in the event.

සැප්තැම්බර් 24

The newly elected President, Hon. Anura Kumara Dissanayake, visited the Most Venerable Mahanayake Theros of the Malwathu and Asgiri Chapters today (23) to receive their blessings, following his visit to pay homage at the ‘Dalada Maligawa,’ the Temple of the Sacred Tooth Relic.

President Dissanayake first visited the Malwathu Maha Viharaya, where he met with Most Venerable Thibbatuwawe Sri Sumangala Thero, the Mahanayake of the Malwathu Chapter. During their meeting, the President inquired about the Thero’s well-being and engaged in a brief conversation. The Mahanayake Thero then extended blessings for the President and for the success in his duties as head of state.

Afterward, President Dissanayake visited the Asgiri Maha Viharaya, where he met with Most Venerable Warakagoda Sri Gnanarathana Thero, the Mahanayake of the Asgiri Chapter, and received his blessings as well.

The Karaka Sangha Sabha of the Asgiri Chapter, led by the Anunayake Theros also participated in the ceremony, chanting Seth Pirith and invoking blessings on the new President.

Former Members of Parliament K.D. Lalkantha and Bimal Rathnayake were present at the occasion.

September 24

Honourable President Anura Kumara Dissanayake paid a visit to the Archbishop of Colombo, His Eminence Malcolm Cardinal Ranjith, today (23), where he received the Archbishop’s blessings.

During his visit to the Archbishop’s House, Colombo, the President inquired about His Eminence’s well-being and engaged in a brief conversation.

His Eminence Malcolm Cardinal Ranjith, Archbishop of Colombo, expressed his congratulations to President Anura Kumara Dissanayake on his election as President, reflecting the will of the majority in Sri Lanka.

He acknowledged that the people have entrusted the new President with the significant responsibility of bringing about the necessary changes in the country, a task that may prove to be challenging. The Cardinal assured the President of his full support and blessings in this endeavour and urged him to prioritize the needs of the poor in his efforts.

In response to a journalist’s question, His Eminence Malcolm Cardinal Ranjith mentioned that the President had assured him of his commitment to thoroughly investigate the Easter attacks and to take steps towards uncovering the truth.

Auxiliary Bishops of Colombo His Eminence Maxwell Silva, His Eminence J D Anthony, Rev. Father Anton Ranjith, Spokesperson of the Archdiocese of Colombo Rev. Father Cyril Gamini Fernando, Rev. Father Joseph Indika, Rev. Father Jude Samantha Fernando, MP Vijitha Herath, Former MP Bimal Ratnayake and President’s Counsel Rienzie Arsekularatne were also present at the moment.

Following this visit, President Dissanayake also visited the Dawatagaha Mosque in Colombo, where he participated in religious ceremonies and received blessings.

September 24

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි හිරු නිව්ස් කල විමසීමකදී කියා සිටියේ අද දින පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවයි.

එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසුරිය පත් කිරීමට නියමිතව ඇති බව ද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජාතික ජන බලවේගයේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් දරන සිව් දෙනෙකු සිටින අතර මේ වන අමාත්‍යවරුන් වශයෙන් සිව් දෙනා අතර අමාත්‍යංශය 15 බෙදී යනු ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අමාත්‍ය ධුර ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද (24) රාත්‍රී යේදී විසුරුවා හරින බව එම පක්ෂයේ දේශපාලන ආරාංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරව ඔහුට රජයේ අමාත්‍ය ධුරයක් දැරීමට කිසිදු බාධාවක් නොවේ.

නමුත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් නොදී පාර්ලිමේන්තුව ඇමතීම, ඡන්දය භාවිතා කිරීම සිදු කල නොහැකි වනවා.

සැප්තැම්බර් 24

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ආර්ථිකයේ ක්ෂේත්‍ර 10ක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය පවසනවා.

ලිපියක් යොමුකරමින් ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ නව ජනාධිපතිවරයාගේ පළමු මාස ​හයක කාලය තුළ එම කරුණු විසඳිමට කටයුතු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහ ලංකා වානිජ මණ්ඩලයේ Vision 2030 ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, ධුර කාලයේ පළමු මාස ​​හය තුළ ආර්ථිකයේ ක්ෂේත්‍ර 10ක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා.

මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය මත පදනම්ව, බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණ කිරීම, සාර්ථක තුන්වැනි සමාලෝචනයක් සහ සිව්වැනි වාරිකය ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන සමග ඉදිරියට යාම වාණිජ මණ්ඩලයේ පළමු ඉල්ලීමයි.

වත්මන් බදු ගෙවන්නාට බරක් නොවන සේ, ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි රාජ්‍ය වියදම්වල අපේක්ෂිත වෙනස්කම් සහ විශ්වසනීය ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම, RAMIS සහ SVAT වැනි ආදායම් එකතු කිරීම් සම්බන්ධ කරුණු යළි සමාලෝචනය කිරීම දෙවැනි යෝජනාව ලෙසින් වාණිජ මණ්ඩලය නව ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.

On Arrival Visa ගැටලුව වහාම විසඳීම, ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ ඩිජිටල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම, ජාතික තනි දොර වෙළෙඳ කවුළුව (National Single Window for Trade) ක්‍රියාත්මක කිරීමට කැපවී ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳාමට මෙන්ම ජනතාවට ප්‍රතිලාභ සලසා දීම, ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කරදීම වෙනුවෙන් “ජාතික ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කමිටුවක්” පිහිටුවීම.

ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශ්‍රී ලංකා විදුලිබල පනතට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බලපෑ හැකි තාවකාලික ගැසට් හෝ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමෙන් වැළැකීම සහ කළයුතු වෙනස්කම් පිළිබඳව පෞද්ගලික අංශය සහ අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුව (Governance Diagnostic Assessment) මත පදනම්ව සකස් කරන ලද රාජ්‍ය ක්‍රියාකාරී සැලැස්ම අනුගමනය කිරීම සහ චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව සමග වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීම යන කරුණු ලංකා වාණිජ මණ්ඩලය නව ජනාධිපතිවරයා වෙත යොමු කළ ඉල්ලීම් ලිපියේ සඳහන්.

සැප්තැම්බර් 23

නව වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා වහන්සේ වැඳපුදාගෙන තිබෙනවා.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් ලබාදීමෙන් අනතුරුව මෙලෙස මහනුවර බලා පිටත්ව ගොස් ඇත්තේ ඔහු මෙතෙක් කල් භාවිත කළ සාමාන්‍ය මෝටර් රථවලින් වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නව ජනාධිපතිවරයා හෙලිකොප්ටර් භාවිත නොකර මෙලෙස සාමාන්‍ය රථ දෙකක් පමණක් යොදාගනිමින් කොළඹ සිට කුරුණැගල හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ මහනුවර වෙත පැමිණීම, එහි සිටි ජනතාවගේ ප්‍රශංසාවට ලක්ව ඇති බවද සඳහන්.

මහනුවර වෙත ගොස් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහනාහිමිවරුන් බැහැදැක සුහද කතාබහක ද නිරත වී තිබෙනවා.

සැප්තැම්බර් 23

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වූ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂ නිලධාරියෙක්.

ඔහු 1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්ව තිබෙනවා.

පසුව 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත්ව ඇති බව බවයි පැවසෙන්නේ.

එම වසරේම ඔහු බෙල් 212 සහ 412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරියේ නිරතව තිබෙනවා.

මේ අතර 2001 අවුරුද්දේදී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත දෙවන අණදෙන නිලධාරියෙකු වශයෙන් පත්වී ඇති බව සඳහන්.

ඒ අනූව ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයට ඔහු පත් කර තිබෙන අතර, 2005 වසරේදී අණදෙන නිලධාරි වශයෙන් උසස්වීම් ලබා තිබෙනවා.

එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත සිය සේවා කාලය තුළදී උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ඇතුළු සිදුකළ සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා දායකත්වය සපයා තිබෙන නිලධාරියෙක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7,000කට අධික කාලයක් වාර්තා කිරීමට ද එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත සමත් වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර දෙවසරක කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළා.

ඔහු විසින් සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’, ‘රණ වික්‍රම’, ‘රණ ශූර’ ඇතුලු පදක්කම් රැසක් හිමිකරගෙන තිබෙනවා.

සැප්තැම්බර් 23

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පත්කර තිබෙනවා.

1966 වසරේ නොවැම්බර් 26 වනදා උපත ලැබූ ඔහු වසර 33 ක කාලයක් ගුවන් හමුදාවේ සේවය කර 2021 වසරේදී විශ්‍රාම ගනු ලැබුවා.

එසේම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (23) දිනයේ එම ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර ඇත්තේ කේ. ආනන්ද විජේපාලයි.

සැප්තැම්බර් 23

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවල දේවහූව ප්‍රදේශයේදි උපත ලැබූවා.

අනුර කුමාර දිසානායක සිය ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරන්නේ තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන්.

අනතුරුව ද්විතීයික අධ්‍යාපනය සඳහා ඔහු ඇතුළත් වන්නේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටයි.

පාසල් අවදියේ සිටම සමාජවාදි ශිෂ්‍ය සංගමයේ කටයුතුවලට සම්බන්ධවෙමින් දේශපාලනයට අත්පොත් තබන අනුර කුමාර දිසානායක 1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව වීදි ශිෂ්‍ය සටන් වලද කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා.

ගණිත අංශයෙන් උසස් පෙළ හදාරණ ඔහු 1992 වසරේදි භෞතික විද්‍යා විෂය ධාරාවෙන් කැළනිය විශ්වවිද්‍යාලයට තේරිපත් වනවා

කැලණිය සරසවිය සිය ජාතික දේශපාලනයේ තිඹිරිගෙය බවට ද පත් කරගත් මේ තරුණ විප්ලවවාදියා 1995 වසරේදි භෞතික විද්‍යා විද්‍යාවේදි උපාධිය හිමි කරගත්තා.

ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව සිය දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යන අනුර කුමාර දිසානායක 1997 වසරේදි සමාජවාදි ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙසත්, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවටත් තේරි පත්වනවා.

අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට පත්වන්නේ 1998 වසරේදියි.

2000 වසරේදී ප්‍රථමවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරිපත්වන අනුර කුමාර දිසානායක ආරම්භයේ සිටම කැපී පෙනෙන දේශපාලන චරිතයක් බවට පත් වුණා.

2004 වසරේදි පොදු ජන එක්සත් පෙරමුණ සමඟ සන්ධනාගතව පිහිටුවාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ යළිත් මහ මැතිවරණයට තරග කරන අනුර කුමාර දිසානායක, එවර පාර්ලිමේන්තුවට තේරිපත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා ලෙසයි.

එම ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙසද පත් කෙරුණා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රගමනය උදෙසා වසර ගණනාවක් දැවැන්ත මෙහෙවරක් ඉටුකළ අනුර කුමාර දිසානායක 2014 වසරේදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වුණා

වසර 24 ක කාලයක් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීම දේශපාලනඥයෙකු ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක 2018 වසරේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද තේරී පත්වනවා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බිහිකරමින් 2019 වසරේදි ප්‍රථමවරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායකට එහිදි ලබාගැනීමට හැකි වන්නේ සියයට 3 ඉක්මවු ප්‍රතිශතයක් පමණයි.

කෙසේ වෙතත් රට තුළ පැවති ආර්ථික හා දේශපාලනික අර්බුදකාරි වාතාවරණය හමුවේ ජාතික ජන බලවේගයේ මතය ස්ථාවර කිරීම උදෙසා නොපසුබස්නා උත්සාහයෙන් කටයූතු කළ අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයට යළිත් වරක් ඉදිරිපත් වන්නේ විකල්ප දේශපාලන මතවාදයක් ජනගත කරමින් .

ඒ වෙනුවෙන් ලැබූ ජනමතය අනුව ඔහු මේ වන විට ජයග්‍රාහි මාවතට පිවිස තිබෙනවා /ජනමතයේ පැහැදිලි බහුතරයත් සමග සිය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් වෙමින්

සැප්තැම්බර් 23

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවලට දාව මාතලේ දේවහූව ග්‍රාමයේදී 1968 වසරේ නොවැම්බර් මස 24 වැනි දින උපත ලැබුවේ එම පවුලේ දෙවැනි දරුවා ලෙසයි.

තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත් අනුර කුමාර දිසානායක ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා-ගණිත අංශයෙන් පෙනී සිටියේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන ඔහු 1992 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයට තෝරා ගනු ලැබීය. ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරය දැරීම ඇතුළු විශ්වවිද්‍යාලය තුළ සමාජීය හා දේශපාලන කටයුතුවල ක්‍රියාකාරිකයෙකු වූ අනුර කුමාර දිසානායක අධ්‍යයන කටයුතු හමාර කර 1995 වසරේ දී විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේය.

අනුර කුමාර දිසානායක එදා මෙදා තුර මෙරට දේශපාලන තලය තුළ බිහිවුණු ජව සම්පන්න සහ කැපී පෙනෙනම දේශපාලන නායකයා ලෙස බොහෝ දෙනා සලකන්නේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ පවුලකට අයත් නොවූවෙකු සිටිමින් සහ ප්‍රගතිශීලී හා ජනතාවාදී දේශපාලන ධාරාව තුළ විවිධ දුෂ්කරතා දරා ගනිමින් ඉදිරියට පැමිණි අයෙකු වීම නිසයි. ඔහුගේ දේශපාලන ගමන් මඟ ආරම්භ වන්නේ ඔහු පාසල් ශිෂ්‍යයෙකුව සිටි කාල වකවානුවේදියි. 1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩනැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස දායකත්වය සපයමින් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයකු බවට පත්විය.

දැවැන්ත රාජ්‍ය මර්දනයකට ලක්වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදු වූ 1993 කාල වකවානුවෙන් පසුව නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු විශ්වවිද්‍යාල සමයේදී කැපී පෙනෙන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනැගීම සඳහා අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කළ ඔහු එවකට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම අරවින්ද නාමයෙන් සැමගේ ආදරය හා ආකර්ෂණය දිනා ගෙන සිටියේය. මෙම ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරීත්වයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 1997 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරයේ වගකීම් ඔහුට පැවරිණි. අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන් මඟේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 වසරේදීම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තෝරා ගනු ලැබීය. ඉන් පසුව ඔහු 1998 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් කර ගනු ලැබිණි.

1999 වසරේදී පැවැති පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට ඔහු තරග වදිමින් ඔහු පළමු වරට බහුජන දේශපාලනයට ප්‍රවේශය ලබා ගත්තේය. 2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මහමැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය. ඉන් අනතුරුව 2001 වසරේදී දුර්වල වූ ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙළකට යටත් කර ගනිමින් ආණ්ඩුව ලවා 17වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, ගොවි ණය කැපීම ඇතුළු ජනතාවාදී පියවරයන් ඉටු කර ගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටු කරනු ලැබීය. නැවත 2004 වසරේදී ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනුයි. 2004 වසරේදී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කරන ඔහු එදා මෙදා තුර ලාංකේය දේශපාලන ඉතිහාසයේ අත් නොවිඳි විසල් ආදර්ශයක් එම අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් රටට ලබා දුන් බව පොදුවේ කාගේත් පිළිගැනීම වී තිබේ. බෙදුම්වාදය ශක්තිමත් කරන සුනාමි සහන මණ්ඩලය පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වීම පදනම් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ එම සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ අමාත්‍යවරු සිව් දෙනාද එම ආණ්ඩුවෙන් ඉවත් වූහ. මේ අතර 2008 වසරේදී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස තෝරා ගනු ලැබිණි. නැවතත් 2010 වසරේදී ජනතා විමුක්ති පෙරමුණද ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු නැවතත් පාර්ලිමේන්තුවට පත් විය.

අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන් මඟේ ඉතාම තිරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස දෙවෙනි දින පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික සම්මේලනයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට තේරී වීමෙනි. ඔහුගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ ජනගත වීම වෙනුවෙන් තීරණාත්මක වැඩකොටසක් ආරම්භ විය. නැවතත් 2015 වසරේදී පවත්වන ලද පාර්ලිමේන්තු මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය. එමෙන්ම 2015 වසරේ සිට 2018 වසරේ දෙසැම්බර් මස 14 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේද අනුර කුමාර දිසානායකයි. 2019 වසරේ අගෝස්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් එක් කර ගනිමින් ජාතික ජන බලවේගය නම් නැවුම් දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කෙරිණි. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් හෙම්බත් වී සිටි ජනතාව වේගයෙන් එය වටා ඒකරාශි වීම ඇරඹිණි.

2019 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක තියුණු තරගයක් පැවති සටන් බිමක 3.16%ක ඡන්ද ප්‍රතිශතයක් සහ ඡන්ද 418,553ක් ලැබීය. 2020 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඔහු නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ආර්ථික අර්බුදය හමුවේ එදා මෙදා තුර ශ්‍රී ලාංකේය දේශපාලන භුමියේ නිර්මාණය වූ අති දැවැන්තම ප්‍රගතිශිලී මහජන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්කිරීම සඳහා ඔහු නායකත්වය ලබා දුන්නේය. ජාතික ජන බලවේගය වටා මේ රටේ ජන බලවේග ඒකරාශි කිරීම වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යෙන් හා කැපවීමෙන් යුතුව කටයුතු කළ ඔහු කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, කලාකරුවන්, ගොවීන්, කම්කරුවන්, ශිෂ්‍යයින් මෙන්ම විවිධ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් දැවැන්තම මහජන ව්‍යාපාරයක් බව ජාතික ජනබලවේගය පත් කිරීම සඳහා ඉතාම තීරණාත්මක සහ ආකර්ෂණිය වැඩකොටසක් ඉටු කළේය. 2021 වසරේ දෙසැම්බර් මස 20 වැනි දින පවත්වන ලද ජාතික ජන බලවේගයේ පළමු ජාතික සමුළුවේදී ජාතික ජන බලවේගයේ නායකත්වයට පත් වන අනුර කුමාර දිසානායක ප්‍රගතීශිලී ජනී ජනයාට එක්ව වැඩකළ හැකි දැවැන්තම මහජන ව්‍යාපාරයක් බවට ජාතික ජනබලවේගය පත් කිරිම සඳහා දැවැන්ත මෙහෙවරක් ඉටු කළේය. 2024 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන්නේ මෙවැනි තත්වයක් තුළය. අර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් රටටත් ජනතාවටත් නව පුනරුදයක මාවත පෙන්වූ ඔහු රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන එන බවටද මැතිවරණයේදී ජනතාවට පොරොන්දු විය. ඔහු සතු නිවැරදි දේශපාලන දැක්ම, නිවැරදි තිරණ ගැනීමේ හැකියාව, පෞරුෂත්වය, ආකර්ෂණිය සංනිවේදන කුසලතාව සහා තියුණු කථිකත්වය, සහකම්පනය, ආදර්ශමත් බව, වෙනස් වන තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව වැනි නායකත්ව චරිත ලක්ෂණ හේතුවෙන් සුවහසක් ශ්‍රී ලංකේය ජනයාට තියුණු දේශපාලන ආශ්වාදයක් ගෙනදීමට ඔහු සමත්ව සිටින අතර ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් සනාථ වූයේ ජනතාව ඔහුගේ පණිවිඩය තේරුම් ගෙන ඇති බවයි.

සැප්තැම්බර් 23

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ධුරයේ කටයුතු ආරම්භ කළ මොහොතේම මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාක් සිදු කර තිබෙනවා.

එහිදී රටේ ආරක්ෂාව සඳහා ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වීය.

සැප්තැම්බර් 23

තමන්ට සහාය ලබා නොදුන්, ඔවුන්ව විශ්වාස නොකරන පුරවැසියන්ට සහාය ලබාදීම සහ විශ්වාසය ගොඩනගා ගැනීමේ වගකීම සිය පාලන කාලය තුළ තමන්ට පැවරී තිබෙන කාර්යක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම තමන්ට එම කාර්ය සාර්ථකව නිමකර ගැනීමට හැකියැයි තමන් විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපති ලෙස ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන් අවස්ථාවේදී මේ බව පවසා තිබෙනවා.

එම අවස්ථාවේදී ජාතිය අමතමින් නව ජනාධිපතිවරයා මෙසේ සඳහන් පැවසුවා.

”අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය තමයි ජනතාව විසින් තමන් පාලනය පත් කර ගැනීම සඳහා පාලකයෙක් තෝරා පත් කර ගැනීම. නමුත් මැතිවරණය ඡන්දය ප්‍රකාශයට පත් කිරීම හා පාලකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය, ඒ වගේම නීති වල යම් ශක්තිමත්භාවයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒ නිසා මා ප්‍රථම කොට අපේ රටේ ජනතාවට දැනුවත් කරන්න කැමතියි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ ධුරකාලය ඇතුළත මාගේ උපරිම කැප කිරීම පෙන්නුම් කරන්න මම සූදානම්.

එම අප රටේ මැතිවරණයකදී බල හුවමාරුවකදී ඒ ප්‍රජාතන්ත්‍රික විදියට සිදුවූ ඉතිහාසයක් තියෙනවා. කිසිදු විටක මැතිවරණයකදී සිදුවන බලහුවමාරුවක් කිසිදු නායකයෙක් ප්‍රතික්ෂේප කොට නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාවගේ ජනවරම සුහදව පිළි අර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව පිළිඅරගනිමින් එතුමාගේ කැපවීමට එතුමාගේ ආදර්ශයට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අපේ තාම ගැඹුරින් තේරුම් අරන් තියෙනවා අපිට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක්. අපේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතු ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලනය සංස්කෘතික අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අප ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්.

අපේ රටේ දේශපාලකයා සහ දේශපාලනය ගැන පොදු පුරවැසියා සතු තියෙන්නේ ඉතාමත් අයහපත් අදහසක්. එය සුදුසු නැති තැනක් වගේ අදහසක් තියෙන්නේ. ඒ නිසා අපේ පැත්තෙන් අපි උපරිම ලෙස ‍නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවයත්, මහජනයාගේ විශ්වාසයත් ගෙන ඒම සඳහා අපගේ පාර්ශවයෙන් කළ හැකි සියල්ල කරන්න සූදානම්.

ඒ වගේම අපිට ලැබෙන මේ ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයකුට පමණක් පියමන් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මා මීට පෙරත් ප්‍රකාශ කරලා තියෙනවා මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මා මැජික්කරුවෙක් නොවේ. මා මේ රටේ ඉපදුන සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා නොහැකියාවන් තිබෙනවා. දන්න දේවල් තිබෙනවා නොදන්න දේවල් තිබෙනවා. මගේ ප්‍රමුඛතම කාර්ය හැකියාවන් උරාගෙන දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන මේ රට මෙහෙයවීමයි. ඒ නිසා ඒ සාමූහික මැදිහත් වීමේ පංගුකරුවෙක් කොටස්කරුවෙක් බවට පත්වීම තමයි මගේ වගකීම. සාමූහික කොටස්කරුවෙක් බවට පත්වීමට මා මැදිහත් වෙනවා.

ඒ වගේම මේ අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියන්ට වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු කරන්න මා සැමදෙනාගේම සහාය අපේක්ෂා කරනවා. නමුත් මා තේරුම් අරන් තියෙනවා රටේ ජනාධිපතිවරයා ලෙස ප්‍රධානතම කාර්යයක් මා සතුව තියෙන බව. ඒ නිසා ක්‍රියාවෙන් භාවිතයෙන් හැම අවස්ථාවකදීම මේ රටේ පුරවැසියන්ට මම ඒත්තු ගන්වන්න මම සූදානම් මේ අභියෝගයේ පියමං කිරීම සඳහා මට පැවරී තිබෙන වැඩ කොටස නිසි පරිදි ඉටුකරන බව.

අවසාන වශයෙන් මම කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මාව ජනාධිපති ලෙස තෝරාපත් කරලා තිබෙනවා. ඒ තෝරාපත් කර ගැනීම සඳහා ජනතාව මට ඡන්දය ලබා දීලා තියෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. එනිසා අපේ ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.

ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්ය තමයි අපට සහාය නොදුන්, අපිව විශ්වාස නොකරන පුරවැසියන්ට සහාය ලබාදීම සහ විශ්වාසය ගොඩනගා ගැනීම. ඒ කාර්ය සාර්ථකව නිමකර හැකියි කියන දැඩි විශ්වාසයක් තිබෙනවා. ඉතින් අපි මේ සියල්ල ඉදිරියේදී ප්‍රායෝගිකවත්, අත්දැකීමුත් අත්විඳින්න පුළුවන් වෙයි. ඒ සඳහා සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරනවා.”

සැප්තැම්බර් 23

ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන්නා.

ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේය.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායක සහභාගි විය.
2024 ජනාධීපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැති අතර එහිදී ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඡන්ද 5,740,179 ක් ලබාගනිමින් ඔහුගේ ප්‍රතිවාදියා වු විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට පරාජයට පත් කලා.

සැප්තැම්බර් 23

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගත් කුමානායක මහතා ජපානයේ National Graduate Institute for Policy Studies (GRIPS) වෙතින් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ආර්ථික විද්‍යාව (Public Economics) පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබා ගෙන ඇත.

ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ආචාර්ය කුමනායක මහතා රේගු දූෂණ (Customs Corruptions) පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර එම පර්යේෂණ ජාත්‍යන්තර ප්‍රකාශන ගණනාවක ප්‍රකාශයට පත් කර ඇත.

ඔහු ලෝක රේගු සංවිධානය (World Customs Organization) මගින් පිලිගත් රේගු නවීකරණ පිළිබඳ වරලත් උපදේශකවරයෙකි.

ඔහු රේගුව තුළ සුපිළිපන්නතාවය වර්ධනය කිරීම පිළිබඳව විශේෂඥයෙකි.

ආචාර්ය කුමානායක මහතා ලෝක රේගු සංවිධානයේ දූත මණ්ඩල නියෝජනය කරමින් වෙනත් රටවල රේගු සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් වලටද දායක වී ඇත.

1997 වසරේ රේගු නිලධාරියෙකු ලෙස සේවයට බැඳුනු කුමානායක මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරන ලදී.

සැප්තැම්බර් 23

අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට රටවල් රැසකින් සුබපැතුම් එක් කර තිබෙනවා.

අසල්වැසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය එක්ස් ගිණුම ඔස්සේ සුබපතමින් ප්‍රකාශ කළේ කුමන පාලකයෙකු පත්වුවද ශ්‍රී ලංකාව සමග අඛන්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක් කර තිබුණා.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මොයිෂු සුබපැතුම් එක් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති ඇන්ඩෲ පැට්‍රික් මෙන්ම ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාද සුබපැතුම් එක් කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය සුභාශිංසන එක් කර තිබුණා.

සැප්තැම්බර් 23

අනුර කුමාර දිසානායක මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස එම ධුරය 2024 සැප්තැම්බර් මස 23 වැනි දින සිට භාර ගන්නා ලද හෙයින්, තමා වෙත එවන ලද ලිපියක් මගින් එදින සිට බලපැවැත්වෙන පරිදි තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වී ඇති නිසාවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඇ) ව්‍යවස්ථාව සහ 1988 අංක 35 දරන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පණතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කරන බවද මහ ලේකම්තුමිය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර සිටී.

සැප්තැම්බර් 22

තමාට ඡන්දය දුන් නොදුන් සියළුම දෙනා වෙනුවෙන් කිසිදු භේදයකින් තොරව රට වෙනුවෙන් වගකීම් ඉටු කරන බව නව ජනාධිපති ලෙස පත් වු ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපති ලෙස තෝරාපත් කරගත් අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ ඊයේ (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

රට පැති ගණනාවකින් අස්ථාවර වී ඇති බවත් රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ඔහු කියා සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන ස්ථාවරය තිබෙන බවත් මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම ජයග්‍රහණයක් බව ඔහු කියා සිටියා.

එමෙන්ම ඊළඟ මැතිවරණවලට පෙර මැතිවරණ සංශෝධන කරන්න හැකිවෙයි සිතන නමුත් විශේෂ අවධානයක් යොමු කරන බව ඔහු මෙහිදී කියා සිටියා.

සැප්තැම්බර් 22


2024 ජනාධිපතිවරණ ඡන්ද විමසුමේ අවසන් ප්‍රතිඵලය දැනුම් දීම සඳහා මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසීය. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි. දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කිරීමේදී අනුර දිසානායක මහතා මනාප 105,264ක් ලබා ගත් අතර, ඒ අනුව ඡන්ද සංඛ්‍යාව 5,740,179 දක්වා ඉහළ ගිය බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සැප්තැම්බර් 22

Powered by WordPress and Bootstrap4